ජාතිවාදයට හෝ වර්ගවාදයට ඉඩක් නෑ - අගමැති

ජාතිවාදයට හෝ වර්ගවාදයට ඉඩක් නෑ - අගමැති

 

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් රට බෙදන බවට හා බුදුදහමට හිමි ප්‍රමුඛතාවය අහිමි කරන බවට විවිධ අන්තවාදී සංවිධාන ප්‍රකාශ කළද එම ප්‍රකාශ ව්‍යාජ ප්‍රකාශ බවත් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ රට අස්ථාවර කිරීමට බවත් වික්‍රමසිංහ මහතා පවසයි.

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ධනාත්මක සංවාදයක් ආරම්භ කිරීමට වෙනුවට ජාතිවාදය හා ආගම්වාදය ඉස්මතු කරන පුද්ගලයන් රටේ තිබෙන ප්‍රශ්න තවදුරටත් වර්ධනය කිරීම හරහා ඔවුන්ගේ ජාතිවාදී හා දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට බලාපොරොත්තු වන බව අගමැතිවරයා පෙන්වා දෙයි. එහෙත් එවැනි අරමුණු ඉටුකර ගැනීම සඳහා ඉඩ නොතබන බවයි ඔහු අවධාරණය කරන්නේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment