මත්තල ඉන්දියාවට දෙන කැබිනට්‌ පත්‍රිකාව ළඟදීම


හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දීය ආයෝජකයකුට ලබාදීම සඳහා වන කැබිනට්‌ පත්‍රිකාව අනුමැතිය සඳහා ළඟදීම කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා
නියෝජ්‍ය ඇමැති අශෝක

අබේසිංහ මහතා පැවසීය.
ණය උගුලක්‌ බවට පත්වී ඇති මත්තල ගුවන්තොටුපළ සංවර්ධනය කර දකුණු ආසියානු කලාපයේ දියුණු ගුවන් තොටුපළක්‌ බවට පත්කිරීම රජයේ අරමුණ බව ද හෙතෙම පැවසීය.
බදු ගිවිසුම ක්‍රියාත්මක කරන දිනය සහ බදු ගිවිසුමට ඇතුළත් කරන කොන්දේසි පිළිබඳ අවසන් තීරණය කැබිනට්‌ මණ්‌ඩලය විසින් ගනු ඇතැයි ද මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට බදුදීම සඳහා වන බදු ගිවිසුම කැබිනට්‌ අනුමැතියෙන් පසුව ජනතාවට දැනගැනීම සඳහා ඉදිරිපත් කරන බව ද පැවසීය.
ප්‍රියදර්ශන ලියනගේ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment