අලුත් ව්‍යවස්‌ථාවෙන් ජනාධිපතිවරණය නැති කරනවලු

අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ අතුරු වාර්තාවේ සඳහන් යෝජනා ක්‍රියාත්මක වුවොත් මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ මැතිවරණ සිතියමෙන් ජනාධිපතිවරණය ඉවත් වන බව ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයේ කළමනාකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා දන්වා ඇත.
කමිටුවේ බලවත් මතය වන්නේ

වර්තමානයේ පවතින ආකාරයේ විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතු බව යෑයිද ඒ සඳහා පොදු එකඟතාවක්‌ තිබෙන බවත් ඔහු පැවැසීය.

අලුත් ව්‍යවස්‌ථාවට අදාළ අතුරු වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක වුවොත් 2015 ජනවාරි 08 පැවැතියේ මෙරට අවසන් ජනාධිපතිවරණය ලෙස සැලකිය හැකි බව කී හෙතෙම මින් පසු ජනාධිපතිවරණ නොපැවැත්වෙනු ඇතැයිද ප්‍රකාශ කළේය.

අතුරු වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක වූවොත් මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නේ වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් බවද -ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව මීළඟ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තෝරා පත් කර ගනිද්දී නැවත වරක්‌ 2025 වසර දක්‌වා ජනාධිපති ධුරය සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් විසින් යෝජනා කරන බවද ඊට පාර්ලිමේන්තුවේ සෙසු පක්‌ෂද එකඟවනු ඇතැයි වික්‍රමරත්න මහතා කීවේය.

අජිත් අලහකෝන්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment