මහනුවර ත්‍රිත්ව සිසුවෙකු රග්බි පුහුණුවීම් අතර තුවාලවී මරුට


පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති රග්බි පුහුණුවක් අතරතුරදී තුවාල ලැබූ පාසල් සිසුවෙකු රෝහල් ගත
කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්දියක් වාර්තා වේ.

ඊයේ මෙම අනතුර සිදුව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබු 18 හැවිරිදි සිසුවෙකි. ඔහු රග්බි පුහුනුව අතරතුර පිටියේදී ඇද වැටී තිබීම කෙසේ සිදුවූයේදැයි පරීක්ෂනයක් අරඹා ඇත. එම අවස්ථාවේ ඔහුගේ හිස අධික තෙරපීමකට ලක්ව ඇති බව පැවසේ. අනතුරුව මහනුවර රෝහලට ඇතුළත් කළ සිසුවා පසුව මියගොස් තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment