ලිට්රෝ සමාගමේ සභාපති තනතුරට නිශ්ශංක නානායක්කාර

ලිට්රෝ සමාගමේ සභාපති තනතුරට නිශ්ශංක නානායක්කාර
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු හා එම පක්ෂයේ නීතිඥ සංගමයේ ලේකම්වරයා ද වන නිශ්ශංක නානායක්කාර මහතා යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මහජන බැංකුවේ සභපතිධූරයට මෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිධූරට ද පත් කෙරිණි. කෙසේ වෙතත් එම තනතුරු දරමින් සිටින පුද්ගලයන් ඉවත් නොවීම හේතුවෙන් එම කිසිදු තනතුරක් භාරගැනීමට නිශ්ශංක නානායක්කාර මහතාට නොහැකි විය.
 
ඒ මහතා පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේදී එජාපයට සම්බන්ධ නඩු වෙනුවෙන් පෙනී සිටිමින් පක්ෂය වෙනුවෙන් විශාල නීතිමය සහායක් ලබා දුන් අයෙකු ලෙස සැලකේ.
 
නව සභාපතිවරයා ලබන සතියේදී තනතුරේ වැඩ භාරගැනීමට නියමිත බවද වාර්තා වේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment