අකුරැස්සේ පාසල් සිසුවියන්ගෙ කලවා පච්ච කොටන පච්ච මැෂිමක්


අකුරැස්සේ පාසල් සිසුවියන්ගේ
කලවා පච්ච මැෂිම ගැන
බුද්ධිකගෙන් හෙළිදරව්වක්


මාතර අකුරැස්ස - තිබ්බොටුවාව ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක විවිධ අයථා වැඩ සිදු කරන ප්‍රසිද්ධ කප්පම් කල්ලියක් නිර්මාණය වී අැති බවත් ඒම පිරිස මගින් විවිධ සමාජ දූෂණ වැඩ සිදුවන බවත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡාවී තිබේ.
එම කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මෙසේ ඒ ගැන අදහස් දක්වා අැත.

‘පාසල් ළමයින් පාතාල කල්ලි නායකයන්ගේ හැසිරීම හරිම කනගාටුයි. මේ කල්ලියට කප්පම් නොදී දරුවකුට බේරෙන්න බැහැ. සල්ලි නොදුන්නොත්
දරුවන්ට ගහනවා. ඒ නිසා

අහිංසක දරුවන් බයට සල්ලි දෙනවා. පාසල් ඇරිලා පාරේ යන විදිය දැක්කම හරියට හින්දි චිත්‍රපටයක් වගෙයි. කල්ලියේ නායකයා ඉස්සරහින් යනවා තව දහ ‍දොළොස් දෙනෙක් එයාගේ බෑග් එක, පෝන් එක, වතුර බෝතලේ අරගෙන යනවා.

මෑතකදී මේ කියන කප්පම් කල්ලියේ නායකයා පාරෙදි ගංජා එක්ක පොලිසියට කොටු වෙලා උසාවියටත් ඉදිරිපත් කළා. ඒ වගේම පච්ච ගහන මැෂින් එකක් ඉස්කෝලෙට ගෙනහිල්ලා කවුරු හරි ළමයෙක් ඔත්තුවක් දීලා ගුරුවරයකුට හසුවෙලා තියෙනවා.

පිරිමි ළමයින්ගේ පපුවෙත්, ගැහැනු ළමයින්ගේ කලවා ප්‍රදේශයේත් පච්ච ගහනවා කියලා තමයි පාසල් ළමයින් කියන්නේ. මේ තත්ත්වය නතර කරන්න බැරිවෙලා තියෙන්නේ සමහර ටියුෂන් ගුරුවරු නිසා. ඇතැම් ටියුෂන් ගුරුවරු තමන්ගෙ පන්තිවලට එන මේ වගේ ළමයි පාසලේදී ආරක්ෂා කරනවා. වහාම මේ තත්ත්වය නිවැරැදි විය යුතුයි.
අකුරැස්ස නගරයේ ඕනෑම වෙලාවක කඩේකින් පැනඩෝල් පෙත්තක් ගන්නවා වගේ ගංජා වැහි වැහැලා තියෙනවා. මෙය වහා නතර කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.‘

මාතර - එම්.සී. දුශාන්ත
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment