සමන්ත නම් පනාමුරේ ඇත් රාජා - සමිත බී. අටුවබැන්දෑල

සමන්ත නම් පනාමුරේ ඇත් රාජා - සමිත බී. අටුවබැන්දෑල

 

.

කග ගැරඬියෙක් වගේ උන්නට
ඉරිදා පොළේ 
එලවළු විකුණන සමන්ත
වීරයෙක් - නාගයෙක්

.

කප්පන් ඉල්ලගෙන
පොළට හැමදාම පනින
රීරි යකාට
වප් පිහියෙන් දෂ්ට කරන්ඩ
තනියෙන්මයි පැන්නේ ඉස්සරාට
පොඩි සමන්ත.

.

"හැමදාම බෑ බොලව්
මෙහෙම ලේ උරාබොන්ඩ දෙන්ඩ.
උඹලා එකෙක්වත් නාවත්
මං යනවා තනියෙන්
පනාමුරේ ඇතා වගේ
පරපුරෙ උරුමය රකින්ඩ.
පීරලා පීරලා යක් විමානේ
හොයාගෙන ඔය රීරි යකා
කියනව මං මූණට
මින් මත්තට
දෙන්නෑ තොට කප්පන්
ඉල්ලාගෙන ආවොත් පොළ පැත්තේ
බලාගත්තහැකි සෙල්ලන්"

.

සමන්ත තමයි
මාස තුනක්
ඉරිදා පොළ රැක්කේ තනියෙන්
තනි වප්පිහියෙන්.
අකාලේම යන්ඩ කලින්.
අපේ ගමේ
පුන්චිම ගෙදරයි හිටියේ 
ණයක් නැතිව රජෙක් වගේ
මුරුංගා කරලක් වගෙ
කෙට්ටු ගතින් !

+++++++++++++++++++++++++

පුතා සමග
මේ ඉරිදා හවස ගමේ ඇවිදිමි.
පාළු වත්තේ
සමන්තකූටයක් බඳුව
ගොඩ ගැහුණු පස් යට
සමන්ත නම් වීරයා නිදන බව
පුතාට මම පෙන්නමි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment