ශ්‍රී ලංකාව උතුරු කොරියාවට සම්බාධක පනවයි


එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට පැනවූ සම්බාධක
ක්‍රියාත්මක කිරීමට අදාළ වූ ගැසට් නිවේදනය නිකුත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශිකා මහිෂිනි කොලොන්නේ මෙනෙවිය  පැවසුවාය.


විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ අස්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය ඉකුත් සතියේ නිකුත් කර ඇති බවද ඇය පැවසුවාය.
න්‍යෂ්ටික, රසායනික සහ ජෛව අවි ප්‍රගුණය කිරීම සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවකට අනුව රජය මෙම පියවර ගෙන තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment