LTTEය ගැන ජර්මනියෙන් හෙළිදරව්වක්.


ජර්මනියේ ජාතික බුද්ධි අංශයක් මගින් පසුගිය වසරේ දත්ත ලබාගෙන එළිදැක්වූ වාර්තාවක් මගින් එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන් පිළිබඳ නවතම තොරතුරු අනාවරණය වී තිබෙනවා. 

ඒ අනුව ජර්මනිය තුළ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන් දහසක් පමණ තවමත් කි‍්‍රයාකාරීව සිටින බව එරට බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා.

ලෝකයේ තහනම් කරන ලද ත‍්‍රස්ත සංවිධාන හා පුද්ගලයන් ද ඇතුළුව 30,000ක පමණ පිරිසක් ජර්මනිය තුළ කි‍්‍රයාත්මක වී සිටින බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.  මෙම පිරිසට ඉස්ලාමීය අන්තවාදීන් ද ඇතුළත්.

2015 වසරේ ජර්මනිය තුළ විදේශීය ත‍්‍රස්තවාදීන් සිට ඇත්තේ 29,000ක පමණ පිරිසක් බව බුද්ධි අංශ වාර්තාව මගින් හෙළිකර තිබෙනවා.

එහෙත් පසුගිය වසර වනවිට ජර්මනිය තුළ සක‍්‍රීයව සිටින ත‍්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම ත‍්‍රස්තවාදීන්ගේ ඉලක්කගත රටවලට අහිතකර බලපෑමක් වනු ඇති බවයි ජර්මානු බුද්ධි අංශය අවධාරණය කරන්නේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment