ඊජිප්තු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 200 ඉක්මවයි

ඊජිප්තු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 200 ඉක්මවයි
එරට මාධ්‍ය වාර්තා කරන්නේ බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව කාලතුවක්කු ප්‍රහාරයක් ද එල්ල වී ඇති බවයි. ප්‍රහාරකයන් පිරිස වාහන හතරකින් පැමිණ ඇති බව ද වාර්තා වේ.
 
මියගිය පිරිසට අමතරව තවත් 130 ක් පමණ තුවාල ලබා තිබේ.
 
2013 වසරේ පටන් උතුරු දිග ඊජිප්තුවේ කැරලි හටගත් අතර එම කැරලි හේතුවෙන් මේ වනවිට විශාල පිරිසක් මරණයට පත්ව තිබේ.
 
මෙම ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති අතර ISIS සංවිධානය හෝ එවැනි ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට එරට ආරක්ෂක අංශ සැක කරයි.
 
egypt 1
egypt 2
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment