තුනෙන් දෙකක බලයක් තිබූ පසුගිය ආණ්ඩුවට ජනතා බලය ඉදිරියේ ගෙදර යාමට සිදු වූයේ කුමන හේතුවක් නිසාද යන්න සියලු දේශපාලනඥයන් මතක තබාගත යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තවදුරටත් දූෂණ, වංචා සිදුවන්නේ නම් වත්මන් ආණ්ඩුවද ගෙදර යැවීමට ජනතාව කටයුතු කරනු ඇති බවත් ප්‍රකාශ කළේය. දූෂණයට වංචාවට එරෙහිව තීන්දු ගන්නා විට ඊට එරෙහිව ඇතැම් පිරිස් තමාට චෝදනා එල්ල කරන බවත්, තමන්ට තනතුරු අතහැර ජනතාව සමග එක්වී හෝ දූෂණයට වංචාවට එරෙහි සටන ගෙනයාමට ශක්තිය තිබෙන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
පැවති ආණ්ඩුව දූෂිත බැවින් ජනතාව එම ආණ්ඩුව ගෙදර යවා අලුත් පාලකයන් පිරිසක් පත්කර ගත්තේ නිවැරදි වැඩපිළිවෙලක් සහිතව රට නිවැරදි දිශාවට කැඳවාගෙන යාමට බැවින් එම නිවැරදි දිශාව වෙත රට ගෙනයාම පාලකයන්ගේ වගකීම වියයුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි.
පළාත් පාලන මැතිවරණය කල්දැමීම සඳහා ශ්‍රීලනිපය කටයුතු කරමින් සිටින බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා අදහස් දැක්වූ අතර, ඔහු ප්‍රකාශ කළේ ශ්‍රීලනිපයට ද අවශ්‍යව ඇත්තේ හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වා ගමේ ජනතාවට සිය නියෝජිතයන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත්කර ගැනීමට අවස්ථාව ලබාදීම බවයි.
වෙන්වීම ඉතා පහසු බවත් එහෙත් සියලු නොගැලපීම් බාධාවක් කර නොගෙන එක්ව කටයුතු කිරීම ඉතාම අපහසු බවත් පරිණත දේශපාලනඥයන් ලෙස කටයුතු කරමින් රටත් ජනතාවත් දිනවීම සඳහා කැපවී ක්‍රියා කළයුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.
0 comments :
Post a Comment