2018 අයවැය සමග “හරිත ත්‍රිරෝද” යුගයට පිවිසෙමු.

2018 අයවැය සමග “හරිත ත්‍රිරෝද” යුගයට පිවිසෙමු.

මේ අනුව ශ්‍රී ලංකාවේ සිටින ලක්ෂ 15 ක් වන (මිලියන 1.5ක්) ත්‍රිරෝද රථ හිමියන්ට මේ අවස්ථාව සමගින් අලුත්ම අලුත් විදුලි ත්‍රිරෝද රථ (ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථ)වල හිමිකරුවන් බවට පත්වන්නට හැකි වනු ඇත. මෙය 2018 අයවැය යෝජනාවලියේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ ශීර්ෂය යටතේ ඉදිරිපත් කළ ප්‍රධාන යෝජනාවකි.

මෙහිදී මෙම ත්‍රිරෝද රථ ආනයනය කිරීමේදී වටිනාකමට ණය අනුපාතය 10:90 ක් වන සේ කල්බදු (ලීසිං) ක්‍රමයට විදුලි ත්‍රිරෝද රථ මිලදී ගැනීම සඳහා ණය ආධාර ද සපයනු ලැබේ. මේ ක්‍රමය යටතේ විදුලි ත්‍රිරෝද රියක වටිනාකමෙන් 10%ක් පමණක් මුලින් ගෙවා එය මිලදී ගැනීමට හැකියාව ලැබේ.

ශ්‍රී ලංකාවේ දැනට පාවිච්චි වන පොසිල ඉන්ධනවලින් ධාවනය වන ත්‍රිරෝද රථ ලබාගැනීමට බංග්ලාදේශය වැනි රටවල් දැනටමත් කැමැත්ත පළ කර තිබේ. මේ අනුව ලංකාවේ දැනට තිබෙන ත්‍රිරෝද රථ එවැනි අවශ්‍යතාවක් සහිත රටවලට අපනයනය කිරීමට ද සැලසුම් කරයි.

පරිසර හිතකාමී යන තේරුම සහිත මෙම හරිත ත්‍රිරෝද රථ විදෙස් සංචාරකයන්ගේ ද නොමද ආකර්ෂණය දිනාගැනීමටද සමත් වේ යැයි විශ්වාස කෙරේ. මේ නිසා සංචාරක මණ්ඩලයෙන් ලබාදෙන බලපත්‍රයක් සමග නිසි පුහුණුවක් ත්‍රිරෝද රථ රියැදුරන්ට ලබාදීමට ද අපේක්ෂිත ය.

මේ අනුව ත්‍රිරෝද රියවලින් ගමන් බිමන් යාමේදී ඇතිවන අපහසුතාවන් වෙනුවට මේ නව මුලපිරීම, සුවපහසුව සහිත නව ශ්‍රී ලාංකේය අත්දැකීමක් බවට පත් වේ යැයි විශ්වාස කෙරේ.

වසර 2040 වන විට ශ්‍රී ලංකාවේ සියලුම රථ වාහන පරිසර හිතකාමී, එනම් ‘හරිත වාහන’ බවට පත්කිරීම ආණ්ඩුවේ සැලසුම වී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment