ඉතින් මොකටද පොලිස් කොමිසම ?

ඉතින් මොකටද පොලිස් කොමිසම ?

 

කොමිසමට ඉහළින් මෛත්‍රී භාවනාව

සාමාන්‍ය නීතිය, අපරාධ නීතිය, මානව හිමිකම් වැනි බොහෝ කරුණු නොදන්නා ශ්‍රී ලංකා පොලීසියට හදිසියේම ඉගැන්වීමට ඇත්තේ කුමන භාවනාවදැයි අප නොදන්නාමුත් අප හොඳින්ම දන්නේ මෙකී භාවනා වැඩසටහන පොලිස්පතිවරයා පවත්වා ඇත්තේ ජාතික පොලිස් කොමිසමේ උපදෙස්වලට පිටින් බවය. ජාතික පොලිස් කොමිසම ඉතා පැහැදිලිව පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ මෙසේ සියළුම පොලිස් නිලධාරීන් අදාල වෙලාවේ එක් තැනකට කැඳවා එකී වැඩසටහන නොපවත්වන ලෙසටය. එහෙත් අපේ රටේ පොලිස්පතිවරයා සිටින්නේ ජාතික පොලිස් කොමිසමට ඉහළින් නිසා ඔහු ඒවා තකන්නේ නැත.

පොලිස් කොමිසමේ නියෝග කඩකරමින් පොලිස්පතිවරයා තමන්ට ඕනෑ ඕනෑ හැටියට නටන අයුරු විෂය භාර අමාත්‍ය සාගල රත්නායක ද කම්මුලේ අත තියාගෙන බලා හිඳිනවා විය යුතුය. කළ හැකි කිසිවකුත් නැත. මෙය දැන් පොලිස්පතිවරයාට ම ගිය රටක් ය.

පොලිස්පතිගේ වීඩියෝ ලීක් කොමිසම

මීට පෙර භාවනා ප්‍රශ්නයක් නිසාම පොලිස්පතිවරයාගෙන් පහරකෑමට ලක් වූ සමරකෝන් බණ්ඩා නම් විදුලි සෝපාන ක්‍රියාකරුවා විශ්‍රාම යාමෙන් අනතුරුව පොලිස්පතිවරා දැන් කොමිසමක් පත් කර ඇත්තේ තමන් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝව මාධ්‍ය වෙත 'ලීක්' වූයේ කෙසේදැයි සොයා බැලීමටය. කොළඹ දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති පතිනායකගේ ප්‍රධානත්වයෙන් මේ කොමිසම පත් කර ඇත. පොලිස්පතිවරයා සැක කරන්නේ ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ, ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර, ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න යන අයගෙන් කවරෙකු හෝ මේ වීඩියෝව මාධ්‍ය වෙත ලබාදුන් බවටය. එහෙයින් ඉහත කී නිලධාරීන් සහ එදින සේවයේ නියුතුව සිටි අනෙත් නිලධාරීන් පොලිස්පතිවරයාගේ 'වීඩියෝ ලීක් කොමිසම' ඉදිරියේ සාක්ෂි දීමට නියමිතව ඇත.

වැදගත්ම කරුණ වන්නේ පොලිස්පතිවරයා මේ කොමිසම ද පත් කර ඇත්තේ ජාතික පොලිස් කොමිසමට රහසින් වීමය.

එසේම පොලිස්පතිවරයා යන යන තැන් වල ගොස් ඔහු කරන කියන සියළු දෑ ඡායාරූප සහ වීඩියෝ ගත කිරීම සඳහා ඔහු විසින් ම පත් කළ පොලිස් කණ්ඩායමක් ද වෙයි. ඔහු ඒ සියල්ල පටිගත කරවන්නේ කුමක් සඳහාදැයි කිසිවකු දන්නේ නැත. එහෙත් "මගේ වීඩියෝ එක මීඩියා වලට ලීක් කළේ මංගල" යනුවෙන් පොලිස්පතිවරයා සඳහන් කළ මොහොතේද අදාල කණ්ඩායම විසින් ඒ කතාව වීඩියෝ පටිගත කර තිබිණි. දැන් එම වීඩියෝ පටය අමාත්‍ය සාගල රත්නායක ළඟ තිබේ. පොලිස්පති පූජිත්ට අවශ්‍ය නම් දැන් ඒ වීඩියෝව සාගලට ලීක් කළේ කව්දැයි සොයා බැලීමට ද කොමිසමක් පත් කළ හැකිය. එමෙන්ම සාගල අමාත්‍යවරයා වෙත ගිය වීඩියෝවේ පිටපතක් ලංකා නිව්ස් වෙබ් අපටද ලැබී තිබේ. නියම වේලාවට එය ද එළිදක්වන්නට අප සූදානම්ය.

හැදූ ෆොටෝ සහ අතේ මාට්ටු බොරු

මේ අතර ලංකා නිව්ස් වෙබ් අප විසින් පසුගියදා ප්‍රසිද්ධ කළ පොලිස්පතිවරයා කුප්‍රකට කැරෝකේ වසන්ත සමඟ පෙනී සිටිනා ඡායාරූප සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ප්‍රකාශ කර ඇත්තේ ඒවා වෙබ් අඩවිකරුවන් විසින් නිර්මාණය කළ ඡායාරූප බවය. පොලිස්පතිවරයාගේ ඒ ප්‍රකාශය පිළිගන්නවා නම් එකී ඡායාරූප නිර්මාණය කළ වෙබ් අඩවිකරුවන් විසින් ම ඒවා කැරෝකේ වසන්තගේ ෆේස්බුක් ගිණුමේද පළකර තිබුණායැයි පිළිගන්නට වනවාද ඇත. පොලිස්පතිතුමනි, බොරු කියනවිට හසු නොවන්නට ඒවා කියන්නවත් ප්‍රවේශම්විය යුතුය.

කෙසේවෙතත් මේ වන විට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් අතර ජනප්‍රියම කතාවක් ඇත. ඒ, වසර 150ක් නිරුපද්‍රිතව ආයු වැළඳූ පොලීසිය පූජිත් ජයසුන්දර විසින් වසරකින් විනාශ කළාය යන්නය.

ලංකා නිව්ස් වෙබ් වෙබ් අඩවිය වශයෙන් තවත් එක් කරුණක් සඳහන් කළ යුතුය. අප මේ පවසනා කරුණු බොරුයැයි පොලිස්පතිවරයා පවසන්නේ නම් ඔහුගේ අදහස් පළ කෙරෙන ප්‍රසිද්ධ සංවාදයකට අප සූදානම් ය. අපට අවශ්‍යව ඇත්තේ මේ වැරදි නිවැරදි කිරීමටය. අපට ඔහු සමඟ කිසිදු පුද්ගලික ආරෝවක් නැත.

සබැඳි පුවත් - 

අපරාධ වලින් ලංකාව ගිනිගනිද්දී කැරෝකේ ගී කියන පූජිත් පොලිස්පති

සේනාධි බණ්ඩාට ජය ලබාදී සමරකෝන් බණ්ඩා විශ්‍රාම ගනී

මගේ වීඩියෝ එක මීඩියා වලට ලීක් කළේ මංගල - පොලිස්පති කියයි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment