සෑම රුපියල් 1000 බැංකු ගනුදෙනුවකටම සත 20 ක් අයකිරීම අපැහැදිලියි


බැංකුව සමග සිදුකරන සෑම රුපියල් දහසක ගනුදෙනුවකින් ශත විස්‌සක බද්දක්‌ අය කරන බවට ඉදිරිපත් කර
ඇති අයවැය යෝජනාව

පිළිබඳ ආණ්‌ඩුව පැහැදිලි කළ යුතු බව ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (10දා) අයවැය විවාදයට එක්‌ වෙමින් කීවේය.

ආණ්‌ඩුව විශේෂ ණය සේවා අරමුදලක්‌ යෝජනා කර තිබෙනවා. මේ මගින් රුපියල් දහසක බැංකු ගනුදෙනුවකින් ශත විස්‌සක්‌ අය කරනවා. මේක ගනුදෙනුකරුගෙන් අය නොකරන බව ආණ්‌ඩුව කියනවා නම් ඒ ගැන පැහැදිලි කිරීමක්‌ කර දිය යුතුයි. එය ගෙවිය යුත්තේ බැංකුවෙන් කියා පැහැදිලිව කිව යුතුයි. ඇයි මේ ශත විස්‌ස බැංකුවෙන් අය කරනවා නම් සූත්‍රයක්‌ හැදුවේ යෑයිද හඳුන්නෙත්ති මහතා විමසා සිටියේය
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment