ශලිල ඇතුළු 4ට ඇප

තායිවාන් බැංකුවකින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ෂලිල මුණසිංහ මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනා දැඩී කොන්දේසි සහිතව ඇප මත මුදාහැර තිබේ.


විත්තියේ නීතිඥවරුන් අධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු දැක්වීම සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අදාල සැකකරුවන් ඇප මත මුදාහැරිමට නියෝග කළ බව  අධිකරණ වාර්තාකරු සදහන් කළේය.

එක්  සැකකරුවෙකුට රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ  රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරිර ඇප තුනක් මත ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා අදාල ඇපකරුවන් තිදෙනා සැකකරුවන්ගේ ළඟම ඥාතීන් වියයුතු බව ද දැනුම්දී තිබේ.

එමෙන්ම ඇප ලබා ගැනිමෙන් පසු අදාල සැකකරුවන්ට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවිම තහනම් කළ කොටුව මහේස්ත්‍රාත්වරිය ඔවුන්ට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන පරික්ෂණ සදහා උපරිම සහය ලබාදිය යුතු බවට ද අවවාද කළ බව අද දෙරණ වාර්තාකරු සදහන් කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment