ලක්ෂ 5කට වඩා මසක ආදායම වැඩි නම් ලෝබ නොවී බදු ගෙවන්නලු


ලෝකයේ බොහෝ දියුණු රටවල ජනතාව සිය කැමැත්තෙන්ම බදු ගෙවීමට යොමුවීම මත එම රටවල් දියුණුව කරා යොමුවූ ආකාරය අගය කළ යුතු බව ආදායම් බදු කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක මහතා පවසයි.
එබැවින් බදු ගෙවීම වගකීමක් නොව යුතුකමක් ලෙස සලකා බදු ගොනුවක් විවෘත කරමින් රට සංවර්ධනය
කරා යන ගමනට දායක වීම අගය කළ යුතු බවද හෙතෙම සඳහන් කෙළේය.

දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවැසුවේ, වෙනසකින් අලුත් වෙමු - අලුතින් වෙනසක් කරමු' තේමාව පදනම් කර ගනිමින් 'ඔබ බදු ගෙවිය යුත්තේ ඇයි' යන මැයෙන් වන වැඩසටහනේ

දේශීය ආදායම් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණු දේශනයේදීය.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක, නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ ඇතුළු නියෝජ්‍ය කොමසාරිස්වරුන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මේ වැඩමුළුව සඳහා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන උපකාරක පන්ති ගුරුභවතුන් විශාල පිරිසක් සහභාගි වූහ.
ගෞරවනීය බදු ගෙවන්නකු ලෙස මසක ආදායම රුපියල් ලක්‍ෂ 5ට වඩා වැඩි නම් බදු ගෙවීමේ යුතුකම තමන් විසින්ම හඳුනාගත යුතු බවත් එහි ප්‍රතිලාභ අනාගත පරපුරට හිමිකර දීමට කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාව බවත් දිසානායක මහතා සඳහන් කෙළේය.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය වගකීම නොපිරිහෙළා ඉටු කිරීමට කැපවෙන බව සිය දේශනය පවත්වමින් දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතා පැවැසීය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය රාජකාරි කටයුතු තවදුරටත් පුළුල් කර ඇති බැවින් කාර්යාලයේ හෝ නිවෙසේ සිට තමන්ට සිය බදු ලිපි ගොනුවක් සකස් කර ගැනීමේ හැකියාව පවතින බව ගුරුගේ මහතා පෙන්වා දුන්නේය.

සිය ආදායම් තත්ත්වයන් හඳුනාගෙන බදු නොගෙවන විශාල පිරිසක් රට තුළ සිටින බවට හඳුනාගෙන ඇති බවත්, බලෙයන් ලිපි ගොනු විවෘත කරනවා වෙනුවට ස්වේච්ඡාවෙන් ගොනු ආරම්භ කිරීම අගය කළ යුතු බවත් නදුන් ගුරුගේ මහතා සඳහන් කළේය.

සිදත් මෙන්ඩිස්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment