කොළඹ ජාතික රෝහල රජත ජයන්තිය සමරයි

කොළඹ ජාතික රෝහල රජත ජයන්තිය සමරයි
කොළඹ ජාතික රෝහල පසුගිය යුද වාතාවරණය පැවති සමයේදී විශාල කාර්යභාරයක් ඉටුකළ බව පෙන්වා දුන් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වනවිට හදිසි අනතුරු සේවාව දීප්‍ව්‍යාප්ත කිරීමට රජය කටයුතු කර ඇති බවයි. ඉදිරියේදීද දිස්ත්‍රික්ක කිහිපයක ස්ථාපිත කළ හදිසි අනතුරු ඒකක විවෘත කිරීමට නියමිත බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
 
දැනුම මිනුම තරගාවලියේ ජය උඩුගම රෝහලේ කණ්ඩායම හිමිකර ගත් අතර‍, අනුශූරතාව පොලොන්නරුව මහ රෝහලේ කණ්ඩායම හිමිකර ගත්හ. මෙහිදී ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරු, හෙද හෙදියන්ගේ සේවය අගයමින් සමරු තිළිණ ප්‍රදානය කිරීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කෙරිනි. "රජත ජයන්ති පෙළහර" කෘතිය ද මෙහිදී ප්‍රකාශණයට පත් කළ අතර, යුද සමයේදී කැප වී කටයුතු කළ සෞඛ්‍ය විශිෂ්ඨයින් ඇගයීමක් ද සිදු කරන ලදී. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය සංවර්ධනය කිරීමට කැප වූ වෛද්‍ය ලුෂන් ජයසුරිය මහතාගේ සේවය ඇගයීම ද මෙහිදී සිදු කිරීම සුවිශේෂි කරුණකි. සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙල අගය කරමින් කොළඹ ජාතික රෝහල විසින් සම්මානයක් ද පිරිනමන ලදි.
 
rajitha 15
rajitha 16
rajitha 17
rajitha 18
rajitha 19
rajitha 20
rajitha 21
rajitha 22
rajitha 23
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment