චර්යාත්මක ආරථික විද්‍යාඥයාට 2017 නොබෙල් ත්‍යාගය

චර්යාත්මක ආරථික විද්‍යාඥයාට 2017 නොබෙල් ත්‍යාගය

ක්‍රෙඩිඩ් කාඩ් බිල ඔබ වෙත ලැබේ. එය ගෙවා දමන්නට තරම් ඔබේ ඉතිරි කිරීමේ ගිණුමේ මුදල් ද තිබේ. එය කරන්නට වටිනා-තාර්කික දෙයකි. එයට හේතුව” ක්‍රෙඩිඩ් කාඩ් පොලිය” ඉතිරි කිරීමේ ගිණුමේ පොලී අනුපාතිකයට වඩා බෙහෙවින් අධික නිසා ය. නමුත් එසේ තිබියදීත් ඔබ ක්‍රෙඩිට් කාඩ් බිල ඉතිරි කිරීමේ ගිණුමෙන් ගෙවන්නේ නැත. මේ සම්බන්ධයෙන් ඉතිරි කිරීමේ ගිණුමට අත තබන්නේවත් නැත. ඒ වෙනුවට ජංගම ගිණුමෙන් හැකි පමණ බිල ගෙවා දමයි.

රිචඩ් තාලර්ගේ ‘චර්යාත්මක ආර්ථික විද්‍යාව’ (බිහේවොරල් ඉකොනොමික්ස්) සංකල්පය බොහෝ විද්‍යාඥයන් විස්තර කරන්නේ ඉහත උදාහරණයෙනි.

පරිපූර්ණ ලෙස තාර්කික ආර්ථික විද්‍යාත්මක හැසිරිම්වලින් සාමාන්‍ය මිනිස් හැසිරීම් අපගමනය වන්නේ කෙසේදැයි රිචඩ් තාලර් විස්තර කළේය. ලෝකයට මෙන්ම ආර්ථික විද්‍යාවේ සෙසු ක්ෂේත්‍රයන්ට ද එයින් ඇති වූ බලපෑම අති මහත් ය.

එදිනෙදා ජීවිතයේ තීරණ ගැනීමේදී සාමාන්‍ය ජනතාව පරිපූර්ණ තාර්කිකත්වයෙන් බැහැර වන බව ආර්ථික විද්‍යාඥයෝ ප්‍රධාන වශයෙන් පිළිගනිති. ඔවුන් ට අනුව මිනිසුන් හොඳින් දැනුවත් වී සිටින බව සහ, ආර්ථික ක්‍රියාකාරකම් සඳහා හොඳම විසඳුම තාර්කික භාවිතය යැයි ආර්ථික විද්‍යා සිද්ධාන්ත විසින් අපේක්ෂා කෙරේ. නමුත් කාලයත් සමග ආර්ථික විද්‍යා අධ්‍යයන ආයතන විසින්” එබඳු තාර්කික හැසිරීම්වලින් තොරව මිනිසුන් ආර්ථික ක්‍රියාකාරකම්වල නිරත වන ආකාරය පිළිබඳ දීර්ඝ වශයෙන් ලැයිස්තු සකස් කර ඇත. 1978 වසරේ නොබෙල් ත්‍යාගය දිනූ හර්බ් සයිමන්” 2002 වසරේ නොබෙල් ත්‍යාගය දිනූ ඩැනියෙල් කාන්මන් සහ 2013 වසරේ නොබෙල් ත්‍යාගය දිනූ රොබට් ෂිලර් යන ආර්ථික විද්‍යාඥයන් සම්මානනීය වූයේ මේ සඳහා ලබාදුන් දායකත්වය නිසා ය. නමුත් සමහරවිට මේ සෙසු සියලු ආර්ථික විද්‍යාඥයන්ට වඩා රිචඩ් තාලර් විසින් චර්යාත්මක ආර්ථික විද්‍යාව ප්‍රමුඛ තැනකට ගෙන ආ අතර එය භාවිතයට ගත හැකි ප්‍රායෝගික තලයකට පත් කළේය.

- ද ඉකොනොමිස්ට් ඇසුරෙන්
- අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment