මන්ත්‍රී රවීගෙන් නීතිපති නිලධාරියකුට අභියෝගයක්.


පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (07දා) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාට අභියෝගයක් කළේය.

අනිකා විජේසුරිය මහත්මියට තර්ජනය කළ බව කියන ශනිල් නෙත්ති කුමාර නැමැති පුද්ගලයා තමාගේ ඥාතියකු නොවන බවත්, ඔහු ඥාතියකු බව අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඔප්පු කළහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවෙත්  රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එසේ ඔප්පුකිරීමට නොහැකි වුවහොත් අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා බැදුම්කර කොමිසමින් සමාව ගතයුතු බවද රවී කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment