උසස් පෙළ කරන ගමන් රඟපාන - දෙවෙනි ඉනිමේ චූටි මැණිකේ

චුටි මැණිකේ කියන්නද, ලිහිණි කියන්නද නැත්නම් ශලනි කියලා කතා කරන්නද?

ගොඩක් අය කතා කරන්නේ නම් චුටි මැණිකේ කියලා. ඔයා ශලනි කියලා කතා කරන්න.



හරි, එහෙනම් ශලනි ගැන මුලින්ම කියන්න

මම ශලනි ප්‍රනාන්දු. මම පාසල් ගියේ St.Nicholas International College එකට. අම්මයි, අයියයි එක්ක මම ඉන්නේ. තාත්තා මම චූටි කාලේදීම නැති වුණා. එදා ඉඳන් අයියා තමා අපි දෙන්නව බලා ගත්තේ.

ශලනිට 'චුටි මැණිකේ' වෙන්න ලැබුණේ කොහොමද?

චුටි මැණිකේ වෙන්න ලැබුණේ 'දෙවෙනි ඉනිම'ටෙලි නාට්‍යයෙන්. මට දෙවෙනි ඉනිම නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වුණේ මේ අවුරුද්දේ දෙරණ අවුරුදු කුමරිය කිරුළ දිනා ගන්න මට අවස්ථාව ලැබුණා. එතැනදී දෙරණ අවුරුදු කුමරිය තරගයට ආපු අවසන් තරගකරුවන්ට ස්ක්‍රීන් ටෙස්ට් එකක් තිබුණා. ඒකට අපි සහභාගී වුණා.

එතැනදී චරිත් කොතලාවල සර් කතා කරලා කිව්වා ‘‘ඔයා චරිතයකට තෝරගෙන ඉන්නවා කියලා.‘‘ ඒ විදියට තමා 'චුටි මැණිකේ' වුණේ.

අවුරුදු කුමරිය වගේ තරගවලට යන්න කැමැත්තක් තිබුණද?

මම කැමැත්තකින් නෙමෙයි හිටියේ. පුංචි අම්මා තමා තරගයට අයදුම්පත් යැව්වේ. අභියෝගයන්ට මුහුණ දෙන්න බය හිතුණා. ඇත්තටම 1 st time එන්න කියනකොටත් මම අකැමැත්තෙන් පුංචිත් එක්ක රණ්ඩු කරලා ගියේ. අන්තිම 12 දෙනා අතරට තේරුණාට පස්සේ නම් හිතුවා දිනයි කියලා. අනිත් අයත් එක්ක බලද්දී මම තමා බාලම කෙනා. අන්තිමට මම පළමුවැනියා වුණා. ලොකු සතුටක් දැනුණා.

අර කලින් තිබුණු බය දැන් නැද්ද?

මෙහෙමයි. කැමරාවක් ඉදිරියේදී මම රඟපාන පළමුවැනි ටෙලි ඩ්‍රාමා එක 'දෙවෙනි ඉනිම'. මම චුට්ටක් කැමරාවට හුරුවෙලා හිටියේ. ඒ දෙරණ අවුරුදු කුමරිය වෙද්දී. ඒත් අපිට ඒකේ ෆේස් කරන්න තිබුණේ නැහැ. නමුත් රඟපාන්න ආවට පස්සේ කැමරාව කෙලින්ම මාව focus කරද්දී ගොඩක් බය වුණා. දැන් ලොකු බයක් නැහැ කැමරාවට.


ජනප්‍රිය 'චුටි මැණිකේට' ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් ප්‍රතිචාර තියෙනවා.මම හිතුවේ නැහැ මම මෙච්චර ප්‍රසිද්ධ වෙයි කියලා. අවුරුදු කුමරියට වඩා දෙවෙනි ඉනිමෙන් මම ප්‍රසිද්ධ වුණා. අවුරුදු කුමරියට ලොකු ප්‍රසිද්ධියක් ලැබුණේ නැහැ. හැබැයි මම ගැන කතා වුණා.

වැඩිපුරම ලැබෙන ප්‍රතිචාර මොනවද?

මට අනුහස් දිහා බලන්න එපා කියනවා ,

සමල්කා පව් කියලා කියනවා, චුට්ටක් කතා කරන්න කියලා කියනවා. මේ දවස්වල අඬන ඒවා වැඩි නිසාද මන් දා අඬන්න එපා කියලත් කියනවා.ඒ කියන්නේ ප්‍රේක්ෂකයෝ මම අඬනවාට කැමැති නැහැ.

චුටි මැණිකේ අනුහස් දිහා බලන බැල්මෙන් නම් අනුහස් ගැන කැමැත්තෙන් ඉන්නවා වගේ?

අපි දන්නේ නැහැ මොකද්ද අන්තිමට වෙන්නේ කියලා. එදා එවන පිටපතට අපි චරිතේ හදාගන්නවා. චුටි මැණිකේ නැත්නම් ලිහිණි කියන චරිතේ තව කෙනෙක්ව කපලා ඉදිරියට යන චරිතයක් නෙමෙයි. අහිංසක චරිතයක්.

ලබන වසරේ උසස් පෙළ සදහා සුදානම් වෙනවා නේද?

ඔව්. මම උසස් පෙළ London Syllabus එක යටතේ කරන්නේ. වාණිජ විෂය ධාරාව යටතේ මැයි මාසේදී exam කරන්න සුදානමින් ඉන්නේ.

අධ්‍යාපන කටයුතු අවසන් වුණාට පස්සේ රංගනය පැත්තෙන් ඉදිරියට යන්න ද කැමැත්ත තියෙන්නේ?

A/L අවසන් වුණාට පස්සේ මම ඉගෙන ගන්න එක නවත්වන්නේ නැහැ. අයියා මට කියලා තියෙන්නේ මොන දේ කළත් ඉගෙනීම තියාගන්න කියලා. එයා ඒ මතේ ඉන්නේ හැමදාම. මම ඒකට ගොඩක් ගරු කරනවා. මගේ හීනයක් තියෙනවා Fashion Design පැත්තෙන් ඉදිරියට යන්න. මම ඒ පැත්තෙන් ඉදිරියට යනවා. එහෙම කියලා මම රංගනයෙන් ඈත් වෙන්නේ නැහැ. මම නිතරම පේන්න එන්නේ නැහැ. මට හොඳයි කියල හිතුණු, මම කැමැති නිර්මාණ භාර අරගෙන කරනවා.

(නිලු­පුලි සඳ­කැ­ලුම් | ඡායා­රූප - ශාන් රූපස්සර)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment