යාපනය සරසවි සිසුන් දේශපාලන සිරකරුවන් වෙනවෙන් දැවන්ත විරෝධතාවක

යාපනය සරසවි සිසුන් දේශපාලන සිරකරුවන් වෙනවෙන් දැවන්ත විරෝධතාවක

 

යාපනය සරසවිය ඉදිරියෙන් ආරම්භ වූ විරෝධතාවය පලාලි මාර්ගය ඔස්සේ ගොස් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලින් අවසන් වූ අතර එහිදී දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජයට බල කරන ලෙස ඉල්ලා සරසවි සිසුන් විසින් යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ලිපියක් භාර දුන් අතර පසුව උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයටද භාර දී ඇත.

විරෝධතාවයේ නිරත වූ සරසවි සිසුන් කියා සිටියේ , අවස්ථා කිහිපයකදීම රජය විසින් දේශපාලන සිරකරුවන්ට විසඳුමක් ලබා දෙන ලෙසට පැවසුවත් ඒ සියල්ලක්ම මේ වන විට රැවටීමක් වී ඇති අතර අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නිරත දේශපාලන සිරකරුවන් සිය උපවාසය අතහැර සිටියේද ඔවුන්ගේ නඩු කටයුතු වවුනියාව අධිකරණයට මාරු කිරීම සම්බන්ධයෙන් විසඳුම්ක් රජයේ නියෝජිතියන් විසින් ලබා දෙන බවට පොරොන්දු වූ නිසා නමුත් මේ දක්වා අදාල නඩු කටයුතු වව්නියාවට මාරු කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවත්ය.

එමෙන්ම දැනට සිරගතව සිටින 132ක් පමණ වූ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජයට බල කිරීම සඳහා අන්තර්ජාතික මැදිහත් වීමක්ද අවශ්‍ය බවටද විරෝධතාවයේ නිරත සරසවි සිසු සිසුවියන් වැඩි දුරටත් කියා සිටියහ. දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට යාපනය විශ්ව විද්‍යාල සිසුන් පංති වර්ජනය කිරීම නිසා සරසවිය වසා දැමුනු අතර සරසවිය නැවත විවෘත වුනේ 13 වන සඳුදා වන අතර අද දිනයේදී නැවත මෙසේ විරෝධතාවයක් යාපනය විශ්වවිද්යාදල මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කොට තිබුණි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

jaffna uni 02

jaffna uni 03

jaffna uni 04

 

jaffna uni 05

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment