සිම්බාබ්බේ හමුදා පාලනය යටතට, මුගාබේ හමුදා අත්අඩංගුවේ!

සිම්බාබ්බේ හමුදා පාලනය යටතට, මුගාබේ හමුදා අත්අඩංගුවේ!

 

කෙසේ වෙතත් හමුදා සොල්දාදුවන් විසින් මුගාබේව නිවාස අඩස්සියේ තබාගෙන සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. එසේම මුගාබේ ජනාධිපතිවරයාගේ බිරිඳ නැමීබියාවට පලා ගොස් ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු ජනාධිපති ජාකොබ් සූමා විසින් මුගාබේ ඇමතූ බවත් ඔහු ආරක්ෂිතව සිටින බවත් තහවුරු කර තිබේ.

හමුදා පාලනයට යටත් කර ගැනීමෙන් අනතුරුව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා රූපවාහිනිය හරහා මුගාබේට සමීප පුද්ගලයන් ඉලක්ක කරන බව පවසා සිටියේය. හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මෙය හමුදා කුමන්ත්‍රණයක් නොවන බවයි.

අද උදෑසන සිම්බාබ්බේ අගනුවර වන හරාරේ හි උතුරු ප්‍රදේශයේ අධික තුවක්කු සහ ආටිලරි ප්‍රහාර ඇසුණු බව වාර්තා වේ.

වයස අවුරුදු 93 ක් වයස මුගාබේ 1980 වසරේ සිට සිම්බාබ්බේ පාලනය කළේය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment