පාස්පෝට් තැපැල් ඇතුළු රජයේ විවිධ සේවා ගාස්තු ඉහළට - කෝල් චාර්ජ් වැඩිවෙන්නෑ


මෙවර අයවැය යෝජනාවලට අනුව ගමන් බලපත්‍ර ගාස්තු ජාතික හැඳුනුම්පත් ගාස්තු ඇතුළු විවිධ සේවාවන් ලබාදීමේදී අයකරන ගාස්තු කිහිපයක් සියයට 15 කින් ඉහළ නංවන බව මංගල සමරවිර මහතා ඊයේ පැවති
මාධ්‍ය හමුවකදී කියා තිබේ.
 විවිධ අමාත්‍යනාංශවලින් ලබා ගන්නා වාර්තා සඳහා

අයකරන ගාස්තුව, වනජීවී ගාස්තුව, ප්‍රවාහන අංශවලට අයත් සේවාවන් සඳහා වන ගාස්තු,
 අධිකරණ සේවය ලබාගැනීමේදී වන ගාස්තු, තැපැල් ගාස්තු සහ සත්ව උද්‍යාන ගාස්තු මෙලෙස සියයට 15 කින් ඉහළ දැමෙන බව පැවසීය. එම ගාස්තු ඉහළ නැංවීම් ලබන ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක බවද ඔහු කීය. දුරකථන කුළුණු සඳහා ගාස්තුවක් අය කිරීමට මෙවර අය වැයෙන් යෝජනා කළද එම මුදල පාරිභෝගිකයා පිට නොපැනවන බවද එහිදී ඇමැතිවරයා පැවසීය. සෑම දුරකථන ඇමතුමක් සඳහා අයකරන ගාස්තුව රුපියල් දෙකකින් ඉහළ නැංවෙන බවට සිදුවන ප්‍රචාරයෙහි කිසිදු සත්‍යතාවක් නැතැයිද මංගල සමරවීර මහතා සඳහන් කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment