රවී ගමේ යයි.


පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක  මහතා එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ මහජන නියෝජිතයන් සිය ග‍්‍රහණයට ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තාවේ. 

මුදල් වියදම් කර බිම් මට්ටමට ගොස් එම පක්ෂයේ ගම්මට්ටමේ නිලධාරීන්ට නොයෙකුත් වරදාන, සන්තෝෂම් හා සංග‍්‍රහයන් පවත්වමින් කටයුතු කරන බව සඳහන් වේ.

ඉදිරි පළාත් පාලන  මැතිවරණයට පාක්ෂිකයන් තෝරා ගැනීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් ද කටයුතු කිරීම නිසා මෙම සුක්ෂම වැඩ පිළිවෙළ කරගෙන යාමට පහසු වී ඇත.

පසුගියදා අරලියගහ මන්දිරයේ දී පක්ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී පවසා ඇත්තේ විපක්ෂයේ කැරලි ගැසීමට ඉඩක් නොමැති බවයි.

ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මරික්කාර් පවසා ඇත්තේ නායකත්වය බලාපොරොත්තුවෙන් කැලි ගැසීමට නොකළ යුතු බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment