ජනපතිට එරෙහි මඩ මෙහෙයුමක්.


බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ඉදිරියට කෙරීගෙන යන පරීක්ෂණ අඩපන කිරීම සඳහා ඊට සම්බන්ධ පිරිස් සමාජ ජාලා හා වෙබ් අඩවි මඟින් ජනාධිපතිවරයාට එරෙහිව මඩ ප‍්‍රචාරයක් ආරම්භ කර ඇති බවට බුද්ධි අංශ මගින් අනාවරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

එහි දී ජනාධිපතිවරයාට හිතවත් බව පෙන්වමින් හා අගමැතිවරයාට හිතවත් බව පෙන්වමින් පවත්වාගෙන යන වෙබ් හා සමාජ ජාලා මාධ්‍ය සඳහා අවැසි මුදල් බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පිරිස් විසින් ලබා දෙන බව වාර්තා වේ.

ඒ සඳහා කටයුතු කරනු ලබන්නේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා වූ දේශපාලනඥයෙකි. ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ ද එහි වාසිය ගෙන ජනාධිපතිවරයාට මඩ ප‍්‍රහාර එල්ල කිරීමට කටයුතු කරන අතර එහි ප‍්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ අලූතින් පිහිටුවාගත් පක්ෂයක ප‍්‍රධානියෙක් බව වාර්තා වේ.

එහි දී එක් පුවත් වෙබ් අඩවියකට විපක්ෂය මගින් පවුම් දහසක් මසකට ලබා දෙන විට බැඳුම්කර සිද්ධිය ට සම්බන්ධ දේශපාලනඥයා පවුම් 5000ක් ලබා දෙන බවට තොරතුරු හෙළි කර ගෙන ඇත.

මේ අතර ජනාධිපතිවරයා නිර්දය ලෙස විවේචනය කරන විදේශයක සිට කි‍්‍රයාත්මක වන වෙබ් අඩවියකට රාජ්‍ය දැන්වීම් ලබා දීම වහාම නතර කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. එම වෙබ් අඩවියට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ජාතික ලොතැරැුයි මණ්ඩලය ආදී ආයතනවලින් ලාබා දී තිබූ දැන්වීම් මේ අනුව අත්හිටුවා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment