ජාතික ඔලිම්පික් නිලවරණය ලබන ජනවාරියේ - නාමයෝජනා භාරගැනීම දෙසැම්බර් 21 අවසන්

ජාතික ඔලිම්පික් නිලවරණය ලබන ජනවාරියේ - නාමයෝජනා භාරගැනීම දෙසැම්බර් 21 අවසන්
අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ දැඩි ඉල්ලීමක්ව පැවති එම ව්‍යවස්ථා ප්‍රශ්නය මෙවර නිවැරදි කරගෙන තිබූ අතර මහ සභා රැස්වීමේදී නව ව්‍යවස්ථාව ද  සම්මත කර ගෙන තිබේ. එමෙන්ම මේ වන විට ජාතික බැට්මින්ටන් සංගමය අන්තර්  ජාතික බැට්මින්ටන් සංගමයේ තහනමකට ද ලක්ව තිබේ. ඒ පිළිබඳවද මහ සභා රැස්වීමේදී සාකච්ජා කර තිබේ. 
 
ජාතික ඔලිම්පික් කම්ටුවේ මුල්‍ය කටයුතු පිළිබඳව ජාතික සංගම් කිහිපයක් පසුගිය කාලය තුළ ප්‍රශ්න කළද  මේ වන විට ගිණුම් විගණනය වෙමින් එම කටයුතු නිම වෙමින් පවතින බවද සඳහන්. 
 
1997 සිට මේ දක්වා කාලය තුළ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා  ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා කටයුතු කරන අතර ලේකම්වරයා ලෙස කටයුතු කරන මැක්ස්වෙල් ද සිල්වා මහතා පත්වුයේ 2009 වසරේ පැවති නිලවරණයෙනි.
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment