මහනුවර-කොළඹ-හම්බන්තොට හදන හැටි රනිල් කියයි.


-ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර

මහනුවර සිට උතුරු කොළඹ දක්වාත් කොළඹ සිට හම්බන්තොට වරාය දක්වාත් වූ ප්‍රදේශ පළමු ආර්ථික සංවර්ධන කලාප බවට පත්කිරීමට තමන් බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (06දා) කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති නගර ජාල සංවර්ධන ව්‍යාපෘති සම්මේලනයට සහභගි වෙමිනි.

නගර ජාල සංවර්ධන සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

තෙත් කලාපයේ ඇති ප්‍රමුඛ නගර සංවර්ධනය කිරීමටද බලාපොරොත්තු වනවා. ඒ අනුව මහනුවර සිට කොළඹ හා උතුරු කොළඹ දක්වාත් එහි සිට හම්බන්තොට දක්වාත් වූ ප්‍රදේශ පළමු ආර්ථික සංවර්ධන කලාපය ලෙස නම් කරනවා. ඒ සඳහා අවශ්‍ය වන මාර්ග සංවර්ධන හා සන්නිවේදන පහසුකම් මේ වනවිට ස්ථාපනය කරගෙන යනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ගය මේ කලාපවලට යෑමට ඇති ප්‍රධාන මාර්ග දෙකයි. හම්බන්තොට, කොළඹ වරායත් මත්තල, කටුනායක ගුවන්තොටුපොළත් සම්බන්ධ කිරීමත් මේ හරහා සිදුවෙනවා. ඒ මඟින් විශාල සංවර්ධනයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment