දෑවැද්දට නයිපෙට්ටිය සමග වඳුරෙකු දුන් වවුනියාවේ අපූරු විවාහ මංගල්‍යය

දෑවැද්දට නයිපෙට්ටිය සමග වඳුරෙකු දුන් වවුනියාවේ අපූරු විවාහ මංගල්‍යය
පෙන්ලි සේස්තාව් වූ මොවුන්ව රබන් ගසා පිලිගත්තේ රැහේ වැඩිහිටියන් විසිනි. වියනක් යටින් ඔවුන් කැඳවාගෙන විත් වැඩිහිටියන් ඉදිරියේ රිදියෙන් කළ මුදු මාරුවක් සිදුකළ අතර මනමාලියගේ ගෙල බැඳෙන්නේද පබළු මාලයකිනි.
 
පැරැණි සිරිතට අනුව නිවැරැදිවම සිදුවනවා නම් මෝල් ගස් දෙකක් හරහා දමා ඒමත සිටගෙන සිටින යුවල ඇඹරූ සුදු හාල් මිශ්‍ර ජලයෙන් නහවා මෙම මුදු මාරුව හා මාල බැඳීම සිදුවන බව නොච්චිකුලම ගම්මානයේ ප්‍රධානියෙකු වන ඒ. මසන්නා මහතා පැවසුවේ. රත්තරන් මාල බැඳීමක් හෝ මුදුමාරුවක් නොවන බවද ඔහු පවසයි. වර්තමානයේ සමහර දේවල් දුරස්ව ඇති බව පවසන ඔහු තමන්ට පුළුවන් විදියෙන් පාරම්පරික සිරිත් විරිත් ඉදිරි පරම්පරාවට ගෙන යාමට උත්සව අවස්ථාවල කටයුතු කරන බවද පැවසීය.
 
වවුනියාව දකුණු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නොච්චිකුලම ගම්මානය මෙම තෙලිඟු ජන කොටස ජීවත්වන එකම ගම්මානයයි. එහි පවුල් 54 ක් පමණ මේවන විට ජීවත්වන අතර ඔවුන්ට අනුව ඔවනුගේ ජාතිය හා භාෂාව තෙළිඟුය. ඇතැමෙක්  තමන්ගේ ජාතිය වඩිග බවද කියයි. මොවුන් දැන් සම්ප්‍රදායික හැකියාවන්වූ රිලා නැටවීමෙන් නයි නැටවීමෙන් සාස්තර කීමෙන් දුරස්වෙමින් සිටී. ගෙවතු වගාවට හා මාළු ඇල්ලීම වැනි රැකියාවලට යොමුවනවා මෙන්ම ඇතැමෙක් ඇවිදීමෙන් භාණ්ඩ අලෙවිය වැනි කටයුතුවලද නිරතව සිටිති.
 
එහෙත් තවමත් ඔවුන් තම සම්ප්‍රදායන්ට ගරුකරමින් ජීවත්වන අතර මෙම විවාහ උත්සවය පසුගියදා සිදුවූයේ වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් එම්.එස්. ජානක මහතා ප්‍රධාන නිලධාරි පිරිසක් හමුවේය.
 
විවාහයෙන් පසුව පැල්කොටයට මනමාල යුවලට මනමාලියගේ පියා විසින් දෑවැද්ද ලෙස දෙන්නේ හරකාබාන නොව නයෙක් සමග නයි පෙට්ටියක් හා වඳුරෙකි. ඒ ඔවුන්ගේ ජීවිකාව ආරම්භ කිරීමට මග පාදා දීමක් බව ගමෙහි පදිංචි එම්. තිම්මන්නා පවසයි.
 
මනමාලයාගේ මව පවසන්නේ මෙම විවාහය ගැන හැමෝම සතුටු වන බවයි. මෙය කතාබහ කොට ඇතිකරගත් විවාහයක් බවද ආර්. ලලිතා (42) පැවසුවාය.
 
මනමාලියගේ මව මසන්නාගේ මසක්කා (54) පවසන්නේ තමන්ගේ තුන්වන දියණියගේ මංගල්‍යය ගැන රැහේ හැමෝම සතුටෙන් සිටිනවා සේම ඔවුන්ට සියලුදෙනාගේම ආශිර්වාදයද ලැබී ඇති බවයි.
 
නයි නලාව වයමින් හා රබන් ගසමින් අත්පුඩියෙන් හා නැටුමෙන්ද මෙම විවාහ උත්සවය අලංකාරවත් විය. ගමේ සියලුදෙනා මඟුල් අසිරිය විඳිමින් සතුටුවන අයුරු දක්නට ලැබිණි. මේ සියල්ලන් කියාපාන්නේ තවමත් ඔවුන්ගේ ජනවර්ගය තුළ නොනැසී පවතින සමගියේ යහ ලකුණකැයි සඳහන් කල හැකිය. 
 
වන්නි රොමේෂ් මධුෂංඛ
 
thelingu 1
thelingu 2
thelingu 3
thelingu 4
thelingu 5
thelingu 6
thelingu 7
thelingu 8
thelingu 9
thelingu 10
thelingu 11
thelingu 12
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment