කොළඹ රාජකීයයේ තරුණ දරුවන් දෙදෙනෙක් මාරක රිය අනතුරින් ජීවිතය දමා යති

කොළඹ රාජකීයයේ තරුණ දරුවන් දෙදෙනෙක් මාරක රිය අනතුරින් ජීවිතය දමා යති

මෙම දරුවන් පිරිස, අද පැවැත්වීමට නියමිත ව තිබූ රාජකීය විද්‍යාල මාධ්‍ය ඒකකය විසින් පැවැත්වීමට සැලසුම් කළ ‘ඉන්ටෙන්ස් 2017’ (Intense 2017) සඳහා අද අළුයම වන තෙක් සියලු උත්සව සංවිධාන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව සිසුවෙකුගේම මෝටර් රියකින් නිවෙස් බලා යමින් සිටින අතරවාරයේ මෙම අවාසනාවන්ත අනතුර සිදුවී තිබේ.

රියැදුරු අසුනේ සිටි අමාන් කිචිල් නමැති දරුවා එම ස්ථානයේදීම ජීවිතය හැරගිය අතර විශ්වාස කෙරෙන්නේ රිය පදවන අතර අධික වෙහෙස නිසා නින්ද යාම නිසා මේ විපත සිදුවන්නට ඇති බවයි.

අනතුරින් සිසුන් හත් දෙනෙක් තුවාළ ලැබූ අතර එක් අයෙකුගේ මොළය සම්පූර්ණයෙන්ම අක්‍රිය වීම හේතුවෙන් එම දරුවා අංශභාග තත්වයට ගොදුරු වී සිටියි.
‘ඉන්ටෙන්ස් 2017’ උත්සවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

මේ අභාග්‍යසම්පන්න ඉරණමට මුහුණ දුන් දරුවන්, ජීවිතයේ එළිපත්තේ හිඳි, පාසලට ආලෝකයක් ගෙන දීම සඳහා කැපවෙමින් දිවා රෑ නොබලා වෙහෙස වුණු තරුණ ජීවිත ය.

කොළඹ ජනප්‍රිය පාසල්වල දරුවන් අසීමාන්තික ලෙස බාහිර වැඩ සඳහා යොමු කරන බවට චෝදනාවක් කලෙක පටන් පවතියි. ඇතැම් දෙමාපියන් පවසන්නේ දරුවන්ට ඇතැම් විටදී විභාග සමත් වනවාටත් වඩා වැඩි වෙහෙසක්, කාලයක් මෙන්ම මුදල්ද, බාහිර සහ විෂය සමගාමී කටයුතු සඳහා අමතරව යොදවන්නට සිදුවී ඇති බවයි. අද අළුයම හටගත් මෙම සිද්ධිය ගැඹුරින් විශ්ලේෂණය කර බැලිය යුතුව තිබෙන්නේ එනිසා ය. මෙම දරුවන් පාසල වෙනුවෙන් සිදුකරන මෙවැනි අමතර කැපවීම්වලදී ඔවුන්ගේ ජීවිත පිළිබඳ වගකීමක් පාසලට නොතිබේද? දැඩි උනන්දුව, තරුණ ජවය හෝ සිය කැමැත්ත නිසා හෝ මේ දරුවන් වේලාව-අවේලාව නොබලා එම කටයුතුවල යෙදෙන විට ඒ පිළිබඳ පාසලට ඇති අසීමාන්තික වගකීම නිර්වචනය කළ හැක්කේ කෙසේද?

- අමාලි ජයවීර

 

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment