කොළඹත් පෙට්‍රල් පෝලිම්

කොළඹත් පෙට්‍රල් පෝලිම්

එළඹි දීර්ඝ සති අන්තයේදී බොහෝ අය දුර ගමන්වල යෙදුණු නිසා ඉන්ධන හිඟයක් මවා පාමින් සාමාන්‍ය ජනතාව ඉන්ධන ගබඩා කර ගැනීමට උත්සුක වූ බවට ද මීට පෙර ඛණිජ තෙල් අමාත්‍යාංශය පවසා තිබිණි. කෙසේ නමුත් අප කළ සොයාබැලීම්වලදී තහවුරු වූයේ අද (06) සඳුදා දිනයේ කාර්යාලවල සේවයට යා යුතු මෝටර් රථ භාවිතා කරන්නන් පවා සිය කටයුතු නතර කර පෙට්‍රල් ෂෙඩ් අසල රැස් කමින් සිටින ආකාරයයි. වාහන සහ පෙට්‍රල් මිලදී ගැනීමට පැමිණෙන්නන් වෙන් වෙන් වශයෙන් පෝලිම් ගැසී ඇති ආකාරය ද දැකගත හැකි විය.

පහත දැක්වෙන්නේ නුගේගොඩ ඉන්ධන පිරවුම්හල අසල පෙට්‍රල් මිලදී ගැනීම සඳහා දීර්ඝ පෝලිම් කිහිපයක් පවතින ආකාරයයි.

ඡවිනි අභයසිංහ/ අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment