ලෝකයේ මුලින්ම වයින් බිව්වේ ගල් යුගයේ ජෝර්ජියාවයි!

ලෝකයේ මුලින්ම වයින් බිව්වේ ගල් යුගයේ ජෝර්ජියාවයි!

නමුත් මෙයින් ඉදිරියට ඒ සිතිවිල්ල වෙනස් කරගන්නට වෙන්නේ ලෝකයේ මුලින්ම වයින් බිව් ජාතිය ජෝර්ජියානුවන් බව හෙළි වී තිබෙන නිසාය.

ඒ” අවුරුදු 8000 ක් පැරණි වයින් බඳුන් 8 ක කොටස් ජෝර්ජියාවෙන් හමුවීමත් සමග ය. ඒ බඳුනේ වයින් අංශු ද ඉතිරි වී තිබිණි. අවුරුදු අටදහසකට එපිට යුගය එනම් ක්‍රි.පූ. 5400-5000 අතර යුගය” භූ විද්‍යා පරිමාණය අනුව අයත් වන්නේ පාෂාණ යුගයට ය. එනම් ගල් යුගයට ය. තවත් නිවැරදිව කියන්නේ නම් ගල් යුගයේ අවසන් භාගය ලෙස හඳුන්වන නියොලිතික යුගයට ය.

මේවා හමු වී තිබෙන්නේ ජෝර්ජියාවේ ටිබිලිසි අගනුරිනි. මේවා අතරිනුත් පැරණිම වයින් බඳුන වසර 5980 ක් පැරණි බව හෙළි වෙයි.

වයින් බඳුනේ බාහිර පෙනුම ද සුවිශේෂී ය. කාලය විසින් බොඳ කර-පළුදු කර තිබුණ ද එහි දැක්වෙන්නේ මිදි පොකුරු කිහිපයක් සමග නටමින් ප්‍රීතිවන මිනිසෙකුගේ රුවකි.

මේ අනුව ලෝකයේ වයින් බිව් පැරණිම ජාතිය” කොකේසස් කඳුවැටියේත් කළු මුහුදේත් පහස ලබන ජෝර්ජියාව ය. ආසියාවේත් යුරේපයේත් මිශ්‍රණයක් ලෙස සැලකෙන පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් ජෝර්ජියාව ය.

මේ” ගඩොලින් බැඳි” විශ්කම්භයෙන් මීටර 5කට වඩා නොවැඩි නිවාසවල” ගිනි උඳුන් අබියස රැස් කමින්” කොකේසස් කඳුකරයෙන් හමා එන හිම බැඳුණු ශීතල සමග අරගල කළ යුගයයි. සාමාන්‍යයෙන් මෙම ගම්මාන” අද දිනයේ අන්තර්ජාතික පාපන්දු පිටියක් තරම් විශාලත්වයකින් යුතු වූ බව හෙළි වී තිබේ. තවද එක ගමක ජීවත් වී ඇත්තේ මිනිසුන් 100 දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවකි.

මේ ජනයා පාන් හැදීම සඳහා තිරිඟු වැවූහ. පළතුරු ගස් ද වැවූ බවට සාධක තිබේ. මස් සහ කිරි ලබාගැනීමට ඔවුහු බැටළුවන්” එළුවන් සහ ගවයන් ඇති කළහ. අසල ගංගා දොළවල මාළු බෑම ද කළහ. ඒ සියල්ල මධ්‍යයේ ඔවුන් දිනපතාම පාහේ වයින් රසයෙන් මත් වන්නට අමතක කළේ නැත. වයින් අද මෙන්ම එදා ද ‘සමාජ ස්නේහකයක්’ (සෝෂන් ලුබ්රිකන්ට්) වූ බවට පවතින මතය ද මෙයින් තහවුරු වෙයි.

නමුත් මිදියුෂ පැසවීම සඳහා ඔවුන් යීස්ට් භාවිතා කළ බවට සාක්ෂි නැත. මෙම පුරාවිද්‍යා සොයාගැනීම කළ පෙන්සිල්වේනියානු සරසවියේ සහ ජෝර්ජියා ජාතික කෞතුකාගාරයේ පර්යේෂකයන් කියන්නේ මෙම කලාපයේ වැවෙන ඇතැම් මිදි වර්ගවල පොත්තේ යීස්ට්වලට සමාන පැසුම්කාරක ස්වභාවිකවම අන්තර්ගතව තිබෙන නිසා ජෝර්ජියානුවන් එවැනි මිදි ප්‍රභේද මේ සඳහා යොදාගන්නට ඇති බවයි.

චීනය ද අතීතයේ පටන්ම මත්වන්නට රුසි වූ ජාතියකි. ඔවුන්ගේ තිබෙන විශේෂත්වය නම් මිදිවලින් තොර වයින් සඳහා ඔවුන් ඉසිළූ කීර්තියයි. මේ ගණයේ වයින් නිපදවූ ලෝකයේ මුල්ම රට වශයෙන් තිබෙන ලෝක වාර්තාව මේ අනුව තවමත් චීනය සතු වේ. එනම්, ක්‍රිස්තු පූර්ව 7000 ක් පැරණි ලෝකයේ මිදි යුෂ නොවන පැරණිම වයින් සෑදුවේ චීන ජාතිකයන් ය. එනම් පුරාණ චීනුන් මෙම වයින් තැනුවේ පැසෙන්නට හරින ලද බත්, මී පැණි සහ පළතුරුවලිනි.

-අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment