රාජිතගේ කසිප්පු කතාවට ආචාර්ය දුනුසිංහගෙන් පිළිතුරු.


කසිප්පු භාවිතය සම්බන්ධයෙන් තමා පර්යේෂණ වාර්තාව සකස් කළේ සම්මත විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරමින් යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවැසීය.

ආචාර්ය දුනුසිංහ මහතා මේ බව පැවසුවේ අදාළ වාර්තාවේ දත්ත වැරදි බවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු වශයෙනි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ආදායම් වියදම් සමීක්ෂණය, සුරාබදු දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තා ආදී ද්විතියීක මූලාශ්‍ර මෙන්ම සම්මුඛ සාකච්ඡා හා ප්‍රශ්නාවලි ආදී ශාස්ත්‍රීය ක්‍රමවේද මේ සඳහා යොදාගත්තේ යැයි ආචාර්යවරයා අවධාරණය කර කීය.

නීතිවිරෝධී දේවල් සම්බන්ධයෙන් පර්යේෂණ කරන සම්මත ක්‍රමවේද ඇති බව කී හෙතෙම තම වාර්තාව එම සීමා තුළ සිටිමින් සිදු කළ බවට සහතික වන්නේ යැයි ද පැවැසීය.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් සැකයක් ඇති නම් ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමින් දත්ත රැස් කර වාර්තාවක් සැකැසීමට රජයට පහසුවෙන් හැකි යැයි ද ආචාර්ය දුනුසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

(ලංකාදීප)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment