බොහෝ විට නිලධාරීන්ගේද සහයෝගය හා අනුදැනුම ඇතිව සිදුකළ මෙම ජාවරාමේ ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ යාල ජාතික උද්‍යානයේ දෙමළ තොටුපොල නැමති ස්ථානයෙනි.
යාල ජාතික උද්‍යානයේ ''දෙමළ තොටුපොල'' නැමති ස්ථානයේ අලි පැටවෙකු ගැටගසා සිටින බවට පසුගිය 07 වැනිදා කතරගම පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වනජීවී නිලධාරින් සමඟ එම ස්ථානයේ පරික්ෂා කිරීමට ගියත් අලි පැටවෙකු නොසිටි නිසා නිලධාරීන් නැවත පැමිණ තිබේ.
මේ අතර කතරගම සිතුල්පවුව මාර්ගයේ මැණික්පුරගම ප්‍රදේශයේ නිවසකට මාස තුනක පමණ වයස අලි පැටවෙකු පැමිණ ඇති බවට නිවෙස් හිමියාගෙන් කතරගම වනජීවී නිලධාරින් හට ලැබුණු තොරතුරකට අනුව වනජීවී නිලධාරීන් හා පොලීසය එහි ගොස් නිවසේ සිටි ගැටගසා සිටි අලි පැටවා පශු වෛද්‍යවරුන්ගේද අධීක්ෂණය යටතේ උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙන විත් තිබේ.
මෙම අලි පැටවාගේ සිද්දිය පිටුපස ජාවාරම්කරුවන් සිටින බවට සැක සිතීමට කරුණු ගණනාවක් තිබේ. මන්දයත් අලිපැටවා සොයාගන්නා අවස්ථාවේ අලිපටවාගේ පාදයක තිබු තුවාල අලිපැටවා නිසැකයෙන්ම ගැටගසා තුබූ බවට සාක්ෂි සපයයි. එමෙන්ම අලි පැටවා සොයා ගන්නා විට බඩයාමේ රෝගයකින් පෙළමින් සිට ඇති අතර ඉන් හෙළි වන්නේ අලි පැටවා රදවාගෙන කිරි පිටි දී ඇති බවයි පශු වෛද්‍යවරුන් සැක කරන්නේ. එමෙන්ම අලි පැටවාගේ සිරුරද ඒ වනවිට දුර්වලව තුබූ බව පශු වෛද්‍යවරුන් කියා සිටී.
මවු ඇතින්නට කුමක් සිදුවීද ?
අලි පැටවුන් සොරකම්කර අලෙවි කිරීමේ ජාවාරම පසුගිය දශක දෙකක පමණ කාලයක සිට කරගෙන ආ ජාවාරමක් වේ. එහිදී බොහෝ විට සිදුකළේ මවු ඇතින්න මරා දමා අලි පැටවුන් මංකොල්ල කෑමයි. යාල ජාතික වනෝද්‍යානයේ සිටි මෙම අලි පැටවාගේ මවටද එම ඉරණමම අත්වී තිබේද යන්න පිළිබඳව වනජීවී නිලධාරීන් තුළ සැකයක් පවතී.
පරීක්ෂණයක්
කෙසේනමුත් අලි පැටවා මෙලෙස අතරමං වූයේ කෙසේද, අලිපැටවා අල්ලාගත්තේ කවුද, මෙය තවත් අලි පැටවුන් ජාවාරමක්ද, එසේනම් එය පිටුපස සිටින්නේ කවුද යන්න විධිමත්ව සොයා බැලීම සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතාගේ උපදෙස්මත බස්නාහිර පළාත්බාර වනජීවී සහකාර අධ්‍යක්ෂක ඩබ්.ඒ.ඩි.ඒ. ඉන්ද්‍රජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් පත් කර තිබේ. එමන්ම කතරගම පොලිසිය මගින්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පරීක්ෂණයක් ක්‍රියාත්මක උවද මෙය අලි පැටවුන් ජාවාරමේ තවත් එක් සිද්ධියක් බව මීට මාස කීපයක සිට සිදු වූ සිදුවීම් ගැන අවධානය යොමු කිරීමෙන් මනාව පෙනී යයි.
අලි හොරුන්ගෙන් බේරුණු අලි පැටවුන් තුන්දෙනෙක්.
2016 දෙසැම්බර් මස උඩවලව ජාතික වනෝද්‍යානයට මායිම්ව හම්බෙගමුව ප්‍රදේශයේදී දම්වැලකින් ගැටගසා සිටි අලි පැටවෙකු වනජීවී නිලධාරීන් විසින් සොයා ගැනිණි. එමෙන්ම බුත්තල කතරගම මාර්ගයේ ගෝනගංආර ප්‍රදේශයේදී මේ ආකාරයෙන් ගැටගසා සිටි අලි පැටවෙකු හමු වී තිබේ. ඒ අනුව වසරක පමණ කාලයකදී මෙම අලිපැටවාද සමග රක්ෂිත ප්‍රදේශයන් තුළදී මේ අකාරයෙන් ගැටගසා සිටි අලි පැටවුන් තුන් දෙනෙකු වනජීවී නිලධාරීන්හට සොයා ගැනීමට හැකිව තිබේ.
මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර සිටියේ මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පළපුරුදු නිලධාරියෙකු යොදවා පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවයි. ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කර තිබෙන බවද ඔහු පවසයි.
එමෙන්ම හම්බේගමුව සහ ගෝනගංආර ප්‍රදේශවලින් සොයාගත් අලි පැටවුන් දෙදෙනා සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් පරීක්ෂණ කටයුතු අකණ්ඩව සිදුකරගෙන යන බවත් යාලදී සොයාගත් අලි පැටවුන් මේ වනවිට උඩවල ඇත් අතුරු සෙවනේ යහපත් සෞඛ්‍ය තත්වයක සිටින බවත් හෙතෙම කියා සිටී.
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
0 comments :
Post a Comment