බොර තෙල් මිල ඉහළ යයි.


වසර 2015 ජූලි මාසයට පසුව ප්‍රථම වතාවට ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල ඉහළ ගොස් තිබේ.

ලෝක බොරතෙල් වෙළෙඳපොළ නවතම වාර්තාවලට අනුව බේ‍රන්ටි වර්ගයේ බොර තෙල් බැරලයක් ඇමෙරිකා ඩොලර් 1යි සත 26කින් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව එම වර්ගයේ බොර තෙල් බැරලයක වර්තමාන මිල ඩොලර් 62යි සත 35ක් වෙයි.

එක්සත් ජනපද බොර තෙල් බැරලයක මිල සත 25කින් ඉහළ ගොස් ඇති අතර එහෙයින් ඇමෙරිකා එක්සත් ජනපද වෙස්ට් ටෙක්සාස් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 55යි සත 89ක් වෙයි.

ලෝකයේ විශාලතම බොර තෙල් අපනයනකරු වන සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු සෞදි අරාබිය තුළ දූෂණ වංචා සහ මූල්‍ය අක්‍රමිකතා සෙවීම පිළිබඳ කමිටු පත්කිරීම සහ නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සහ ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බොර තෙල් මිල වෙනස සිදුවී ඇති බව වාර්තා පෙන්වා දෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment