පෙට්‍රල් හිඟය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ජනපති අතට !

පෙට්‍රල් හිඟය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ජනපති අතට !

 

සෑම අංශයක් පිළිබඳව පරීක්ෂණ කොට අදාළ වාර්තාව සකස් කර ඇති බවත් බාල තෙල් නැවත් පැමිණීම හා ඉන්ධන හිඟයක් දිවයින පුරා මතුවීම පිළිබඳව කරුණවලින් එම වාර්තාව සමන්විත යැයි මහනුවර ගලගෙදර ප්‍රදේශයේ පැවැති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව කීවේය.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් හතළිස්දහසකින් සමන්විත නැවක් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග ඉන්ධන හිගය අවසන් වූ බවත් ඉදිරියේදී තවත් නැව් කිහිපයක් මෙරටට පැමිණීමට නියමිත යැයි අමාත්‍යවරයා සදහන් කළේය. වාර්තාවේ යථා තත්ත්වය හා කරුණු මෙහිදී පැහැදිලි කළ නොහැකි බවත් ජනාධිපතිවරයාට එය පිළිගැන්වීමෙන් පසු වැඩිදුර කරුණු පැහැදිලි වනු ඇතැයි ද ඒ මහතා කීවේය.

ඉකුත් පාලන සමයේදී බාල තෙල් බෙදා හැරීම නිසා වාහන රැසක් අක්‍රීයවුණු අතර ඒ සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව පිළිබදව සිදුවූ දේ කුමක්දැයි මාධ්‍ය කළ විමසීමේදී අමාත්‍යවරයා කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් එය විමසිය යුතුව ඇති බවයි.

මෙවර අය වැය සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී මත්පැන් මිල සම්බන්ධයෙන් ‘විවිධ පාර්ශව අදහස් පළ කළත් ජනතාවට සෘජු බලපෑමක් වන ගම්බද කසිප්පු හා පාසල් අසල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කළ යුතු යැයි කී අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

මත්පැන්, බියර් මිල ගැන කථා කළත් අද පාසල් අසල විශාල වශයෙන් විෂමාචාර මත්ද්‍රව්‍ය අලෙවිවීමක් සිදුවෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මිල සූත්‍රය නිසි ලෙස සකස් කළ යුතුයි. නොමැති නම් කසිප්පු, පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය ප්‍රචලිතවීම පාලනය කරන්න බැහැ.

හොර මත්පැන් පාලනය කිරීම බණ දේශනා කිරීමෙන් කළ නොහැකියි. ඒවා විවිධාකාරයෙන් යළි සමාජයට පැමිණෙනවා. මත්ද්‍රව්‍ය තහනම් කරන විට හොර මත්ද්‍රව්‍ය සමාජයට අවතීරණය වෙනවා. සිගරැට් තහනම් කළොත් හොර සිගරැට් එනවා. බදු අය කළාට මේක පාලනය කරන්න බැහැ. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය යැයි' අමාත්‍යවරයා කීවේය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment