ඉරාන-ඉරාක දේශසීමාවේ දැවැන්ත භූමි කම්පාවක්

ඉරාන-ඉරාක දේශසීමාවේ දැවැන්ත භූමි කම්පාවක්

ඉරාකයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව පිළිබඳ ඉරාකය තවම කිසිවක් නිල වශයෙන් පවසා නැත. ඉරාන රාජ්‍ය රූපවාහිනියට අනුව මෙය මරණ 6 ක් සහ තුවාළකරුවන් 200 කි.

නමුත් භූ චලනය හේතුවෙන් ඉරාකයට සිදුවූ හානිය, ඉරානයට සිදුවූ හානියට වඩා බරපතළ විය හැක්කේ, භූ චලනයේ අපිකේන්ද්‍රය පිහිටා තිබෙන්නේ ඉරාකයට ඉතා ආසන්නයෙන් වීම නිසා ය. එනම් එය පිහිටා තිබෙන්නේ ඉරාකයේ ජනාකීර්ණ හලාබ්ජා නගරයට කිලෝමීටර 19 ක් නුදුරෙනි.

ඇතැම් ට්විටර් සටහන්වලට අනුව ඉරාකයේ කුර්දිස්ථාන් පළාතෙන් පමණක් මරණ 100කට වඩා වාර්තා වේ.

මේ අතර ඉරානයේ ‘ඉල්නා ඒජන්සි’ වාර්තා පවසන්නේ රටේ පළාත් 14කට වඩා භූ චලනයෙන් විපතට පත් ව ඇති බවයි.

ඉරානය පිහිටා තිබෙන්නේ භූමිකම්පාවලට බෙහෙවින් ගොදුරු විය හැකි සංවේදී භූ තැටි ආසන්නයෙනි. දිනපතාම පාහේ සුළු හෝ භූ චලනවලට ගොදුරු වන ප්‍රදේශ ද ඉරානය තුළ තිබේ. ඉරානයේ කර්මාන් පළාතේ පුරාණ බාම් නගරය ක්‍රි.ව. 10 වන සියවස වන විට ලෝක ප්‍රසිද්ධ ව තිබුණේ දිගුකල් පවත්නා සහ ඉතාම අනර්ඝ කපු පිළී-කපු වස්ත්‍රවලට ලෝක ප්‍රසිද්ධ පුරයක් ලෙස ය. නමුත් වසර 2003 දී ඇති වූ රික්ටර් ඒකක 6.6 ක භූ චලනය හේතුවෙන් එම නගරය සහමුලින්ම සමතලා වූ අතර 26,000 ක් ජනයා එයින් මරණයට පත්වූහ.

- අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment