අධික වැස්ස නිසා උතුරේ වැසියන් අවතැන්

අධික වැස්ස නිසා උතුරේ වැසියන් අවතැන්
මේ අනුව වර්ෂාව හේතුවෙන් යාපනයේ වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ යාපනය මරදන්කේනි ප්‍රදේශයේ වන අතර එහි පවුල් 643 ක් විපතට පත්ව ඇති බවටද යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය.
 
ඊට අමතරව උඩුවිල්හි පවුල් 106 (385), ඌර්කාවත්තුරේයි පවුල් 40 (137), කරෙයිනගර් පවුල් 8 (27), යාපනය නගරයේ පවුල් 55 (209), නල්ලූර් පවුල් 151 (552), කෝපායි පවුල් 249 (893), සංගානෙයි පවුල් 277 (1066), සන්දිලිප්පායි පවුල් 128 (444),  තෙලිප්පලෙයි පවුල් 393 (1253), චාවකච්ඡේරි පවුල් 189 (759), පේදුරුතුඩුව පවුල් 283 (1045), මරදන්කේනි 643 (2382) වශයෙනි.
 
මේ අතර වර්ෂාව හේතුවෙන් යානයේ හානි වී ඇති නිවාස සියල්ලක්ම පාහේ යුද්ධයෙන් පසුව නැවත පදිංචියට පැමිණ තාවකාලිකව ඉදිකරගත් නිවාස බවත් විපතට පත්ව සිටින වැසියන් වෙනුවෙන් මේ වන විටත් යාපනය දිස්ත්‍රීක් ලෙකම් කාර්යාලය හා අපාදා කලමනාකරණ කාර්යාල හරහා අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු යොදා ඇති බවත් යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා වැඩි දුරටත් කියා සිටී.
 
වන්නි රොමේෂ් මධුෂංක
 
jaffna weather 1
jaffna weather 2
jaffna weather 3
jaffna weather 4
jaffna weather 5
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment