බ්‍රහස්පතින්දා වෙද්දී තෙල් දෙනවා - අර්ජුන රණතුංග

ලබන බ්‍රහස්පතින්දා වන විට පෙට්‍රල් සැපයුම යථා තත්ත්වයට පත් කළ හැකි වනු ඇති බව  ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
අද පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දැනට පවතින පෙට්‍රල් තොග එදින දක්වා නිකුත් කිරීමට ප්‍රමාණවත් බවයි.

ඔක්ටේන් 92ක සහ 95 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000ක නෞකාවක් ලබන 08 වනදා කොළඹට පැමිණීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.


අයි.ඕ.සී සමාගම පසුගිය 15 වනදා මෙරටට ගෙන්වූ පෙට්‍රල් තොගය ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ අර්බුදය නිර්මාණය වී තිබේ.

එම පෙට්‍රල් තොගය  සහිත නෞකාව මේ වන විට ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව නවතා ඇති බවත්, එය නැවත භාරගන්නා ලෙස ප්‍රබල ඉල්ලීම් සිදු කෙරුණ ද ඒ සඳහා අවස්ථාව ලබා නොදුන් බවත් අර්ජුන රණතුංග මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ඉන්ධන නැව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු  සිදු වූ ඇතැම් සිද්ධීන් සැකසහිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළ අතර පුද්ගලීකරණය කිරීම තුළින් සිදුවිය හැකි විනාශය මෙම අවස්ථාවේ තේරුම් ගත හැකි බව ද අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment