පුද්ගලික අංශයට ඉදිරියේදී පහසු වේලාවට සේවයට වාර්තා කරන්න පුළුවන්!

පුද්ගලික අංශයට ඉදිරියේදී පහසු වේලාවට සේවයට වාර්තා කරන්න පුළුවන්!

 දැනට පවත්නා කම්කරු නීතිවලට අනුව සේවකයන් වැඩ කරන වේලාව තීරණය කරන්නේ සේවායෝජකයන් එනම් හාම්පුතුන් විසිනි. ඒ අනුව සේවකයන්ට තමන්ට පහසු හා අභිමත වේලාවන්ට සේවයට වාර්තා කිරීමට ඇති ඉඩකඩ අහුරා තිබේ.

මේ අනුව යෝජිත නව අයවැය මගින් පහසු කාර්යාල වේලාවන් සහිත සහිතව දවස් 5 වැඩ කිරීමේ විකල්පය සැලකිල්ලට ගෙන සාප්පු හා කාර්යාල පනතට සංශෝධන හඳුන්වා දීමට නියමිත ය.

දැනටමත් බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටා තිබෙන රාජ්‍ය ආයතනවල සේවකයන් සඳහා හඳුන්වා දී තිබෙන පහසු වේලාවන්වල සේවයට වාර්තා කිරීමේ සම්ප්‍රදායය මේ අනුව පුද්ගලික අංශය දක්වා ද දීර්ඝ වනු ඇත.

පඩිපාලක ආඥා පනත සංශෝධනය කිරීම තවත් අයවැය යෝජනාවකි.

විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය, මාධ්‍ය ආයතන වැනි සම්මත සේවා කාලයන්ගෙන් බැහැර වූ වේලාවන් හි සේවය කළ යුතුව තිබෙන ආයතනවල සේවකයන්ට මේ නිසා විවිධ ප්‍රායෝගික දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නට සිදුවන බව නොරහසකි. මේ අනුව එවැනි ආයතනවල වැඩකිරීමට පහසුකම් සැලසිය හැකි විකල්ප කාලපරිච්ඡේද තෝරාගැනීමට සේවකයන්ට හැකි වනු ඇත.

- අසිත කුරුප්පුආරච්චි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment