'හොරුන් දූෂකයන් වංචනිකයන් එජාපයෙන් නෙරපනවා'


හොරකම්, දූෂණ, වංචා සිදුකරන එක් පුද්ගලයකු හෝ තම පක්‍ෂයේ සිටී නම් ඔවුන් පක්‍ෂයෙන් ඉවත් කිරීමට සෘජුව කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.අගමැතිවරයා මේ බව පැවැසුවේ කොළොන්නාව මංගලපාය ශාලාවේදී පැවැති එක්සත් ජාතික පක්‍ෂ කොළොන්නාව බලමණ්ඩල රැස්වීමට සහභාගි වෙමිනි.

එහිදී අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ 'මේ වන විට සුළු අර්බුද හේතුවෙන් තම පක්‍ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් තිදෙනකු ඉල්ලා අස්වී තිබෙන බවත්, රටට අවශ්‍ය වන්නේ එවැනි පාලනයක් බවත්'ය.

'මීට පෙර එවැනි විනිවිදභාවයකින් යුතු පාලනයක් මේ රටේ තිබුණේ නැහැ. පෙර පැවැති පාලනයේදී ප්‍රාදේශීය සභා සභාපතිවරුන් උත්සව සාද අතරතුර කාන්තාවන් දූෂණය කිරීම පවා සිදුවුණා. ඔබට අවශ්‍ය වන්නේ නැවතත් එවැනි රාජපක්‍ෂ යුගයකට යෑමට'දැයි අගමැතිවරයා මෙහිදී ජනතාවගෙන් ප්‍රශ්න කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment