ජනාධිපති මාධ්‍ය අංශයට සහ ලේකම් කාර්යාලයට දොස්.


රාජ්‍ය ආයතන අතුරින් ඉහළම ඵලදායිතාව ජනාධිපති ලේකම් කාර්යාලය තුළ කි‍්‍රයාත්මක විය යුතු වුවත් වෙනත් රාජ්‍ය ආයතන හා සැසඳීමේ දී ජනාධිපති ලේකම් කාර්යාලය මේ වන විට අවම ඵලදායිතාවක ක‍්‍රියාත්මක වන රාජ්‍ය ආයතනය බවට පත්වී තිබේ.

පසුගිය දා ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලූම නිලධාරීන් නෙළුම් පොකුණ රඟහල පරිශ‍්‍රයට කැඳවා ඇති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කොට ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ පවතින අඩුපාඩු හා අවම ඵලදායිතාව පිළිබඳව ඔහුගේ හිතවතුන්, රාජ්‍ය තාන්ත‍්‍රිකයන් හා සිවිල් සංවිධාන ක‍්‍රියාකාරිකයන් නිතර නිතර පෙන්වා දීම නිසා තමන් දැඩි අපහසුතාවකට පත් වී ඇති බවය.

ජනාධිපති මාධ්‍ය ඒකකය වෙනත් මාධ්‍ය ආයතනවලට ආදර්ශයක් ලෙස ඉහළම ඵලදායිතාවකින් යුතුව ක‍්‍රියාත්මක විය යුතු වුවත් රටේ අවම ඵලදායිතාව හා ආකාර්යක්ෂමතාව පවතින්නේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ බව ද ජනාධිපතිවරයා එහි දී ප‍්‍රකාශ කොට ඇත.

එම හමුවේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ජනාධිපති මාධ්‍ය ඒකකයේ සියලූම නිලධාරීන්ට ප‍්‍රකාශ කොට ඇත්තේ මින් ඉදිරියට ඉහළම ඵලදායිතාව ජනාධිපති ලේකම් කාර්යාලය තුළින් හා ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් තමා බලාපොරොත්තු වන බවය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment