පැණී බීමට වඩා බියර් එකක් බොන එක ගුණයි – මංගල

සීනි දැමූ පැණි බීම පානය කරනවාට වඩා බියර් එකක්‌ පානය කිරීම ගුණදායක බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා මේ බව කීවේ

සීනිවලටත් බද්දක්‌ ගසා ඇතැයි අයවැය විවාදයට එක්‌වෙමින් සුනිල් හඳුන්නෙත්ති මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

බොහෝ රටවල සියයට අසූ ගණනක්‌ පානය කරන්නේ බියර්. අඩු ප්‍රතිශතයක්‌ තමයි සැර මත්පැන් පානය කරන්නේ. ඒත් අපේ රටේ සියයට අසූහතරක්‌ බොන්නේ සැර මත්පැන්. අපේ රටේත් පොඩි බියර් එකක්‌ බිව්වට මම වරදක්‌ දකින්නේ නෑ. පැණි රස බීම එකට සීනි දමද්දී තමයි නිෂ්පාදකයාගෙන් බද්දක්‌ අයකරන්නේ. නැතුව සීනිවලට බදු අය කරන්නේ නෑ. පැණි බීම මිලිලීටර් 40 බෝතලයක සීනි ග්‍රෑම් 100.4 ක්‌ තිබෙනවා යෑයි ඇමැති මංගල සමරවීර මහතා කීවේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment