ජනප්‍රිය කලාකරුවන්ගේ නම් යොදාගනිමින් නාමල් කළ මගඩියක් එලියට !

ජනප්‍රිය කලාකරුවන්ගේ නම් යොදාගනිමින් නාමල් කළ මගඩියක් එලියට !
මෙම ජනප්‍රිය කලාකරුවන් තිදෙනා මෙසේ යුද හමුදාවේ දෙවන ස්වෙච්ඡා පොදු සේවා බලකායට නාමිකව බඳවාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නියෝගය මත බව විමර්ශනවලදී වැඩිදුරටත් හෙලිදරව් වී තිබේ.
 
ශ්‍රී ලංකා යුද හමුදාවේ වැටුප් අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් සනත් පෙරේරා මේ බව විමර්ශනවලදී පිළිගෙන ඇති අතර කාන්තා මේජර් වඩුමෙස්ත්‍රී හා කාන්තා මේජර් සුසිරා පෙරේරා ඒ බව තහවුරු කොට ඇත.
 
ජනප්‍රිය ගායක ක්‍රිෂාන්ත එරන්දක සෙ/2ඕ-02044 යන අනුක්‍රමික අංකය යටතේ යුද හමුදා සැරයන්වරයෙකු වශයෙනුත්, ජනප්‍රිය නළු අර්ජුන් කමලනාත් සෙ/2ඕ-02045 යන අනුක්‍රමික අංකය යටතේ යුද හමුදා සැරයන්වරයෙක වශයෙනුත් ගායක ප්‍රියංකර පෙරේරා තවත් යුද හමුදා සැරයන්වරයෙකු වශයෙනුත් වසර ගණනාවක් තිස්සේ මෙම නීතිවිරෝධි ක්‍රියාවේ නිරත වී ඇත්තේ නාමල් රාජපක්ෂගේ මගපෙන්වීම යටතේය.
 
මෙම අනීතික ක්‍රියාව පොදු දේපල පනතට වැටෙන්නක් බැවින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පරීක්ෂණයේ ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකොට තිබේ. 
 
මෙම පුවත පිළිබඳව අදාල කලාකරුවන්ට යමක් පැවසීමට ඇත්නම් ඒ සඳහා ඉඩ ලබාදීමට අප කැමැත්තෙමු.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment