විශ්වාසය තැබිය හැකි අයවැයක් - දිළුම් අමුණුගම

විශ්වාසය තැබිය හැකි අයවැයක් - දිළුම් අමුණුගම
නමුත් ඉකුත් වර්ෂයේදී එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ අය වැය කථාවේදීම එය ඉටු කළ නොහැකි අය වැයක් යැයි පැහැදිලිව අවබෝධවන බවත් එය සත්‍යයක් බව පසක් කරමින් අය වැය පොරොන්දුවලින් 30%ක් වත් සපුරා ගැනීමට නොහැකි වී ඇතැයි මහනුවර නුගවෙලදී පැවැති මාධ්‍ය හමුවකදී දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.
 
සිල්ලර භාණ්ඩ මිල පහත හෙළීම තුළින් නුදුරේදීම මැතිවරණයක් එළැඹෙන බව පැහැදිලි වන බවත් වසර දෙක තුනක කාලයක් තිස්සේ බලාසිටි මැතිවරණය එළැඹීම සතුටට කරුණක් යැයි කී මන්ත්‍රීවරයා මෙසේ කීවේය.
 
'ඉකුත් වර්ෂයේ අය වැය කථාවේදී ත්‍රීරෝද රථ රියදුරන්ට මරණයකදී රුපියල් ලක්ෂ දහයක රක්ෂණාවරණයක් ලබාදීම, සියලුම පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබාදීම, ගැබිණි මව්වරුන්ට රුපියල් විසිදහසක් වටිනා පෝෂණ මල්ලක් ලබාදීම වැනි විවිධාකාර පොරොන්දු ලබා දුන්නා. නමුත් ඒ කිසිවක් ඉටු වුණේ නැහැ.'
 
'මංගල සමරවීර ඇමතිතුමාගේ මංගල අය වැයේ ද මෙවැනි සුරංගනා කථා කිහිපයක් තිබුණුත් මේ අය වැය කෙසේ හෝ ඉටු කළ හැකි අය වැයක්.  අය වැය කෙසේ වෙතත් අද රට ආර්ථික වශයෙන් බරපතල පරිහානියට පත්ව තිබෙනවා. මහින්ද රාජපක්ෂ පාලන සමයේ රුපියල් ට්‍රිලියන 1.9ක ණය ලබා දෙන ඇතැයි වත්මන් ආණ්ඩුව චෝදනා කරනවා. ඒ ණය වලින් ලබා ගත් සියලු දේ අද අලෙවි කරනවා. නමුත් ඒ අණ්ඩුවේ බැදුම්කර වංචාව පමණක් රුපියල් ට්‍රිලියන 1.5ක් යැයි ආණ්ඩුවම කියනවා.'
 
'නමුත් ආණ්ඩුවේ කළ චංචාව භෟතිකව දැකිය නොහැකියි. කෝ ඒ මුදල්? මෙවැනි තත්ත්වයක් යටතේ ආර්ථීක වර්ධනයක් සිදුකළ හැකිද යන්න ගැටලුවක්.  මෙවර අය වැය තුළ දේශීය සම්පත් අලෙවිකිරීම පිළිබදව සදහන් වෙන්නේ නැහැ. ඒ නිසා අප විශ්වාස කරන්නේ දේශීය සම්පත් විදේශිකයන්ට අලෙවි නොකරනු ඇති බවයි. නමුත් අග්‍රමාත්‍යවරයා පසුගිය දිනක ප්‍රකාශ කළා, දැන් අපට අලෙවි කිරීමට ඉතිරිව ඇත්තේ මත්තල ගුවන් තොටුපල පමණක් යැයි කියා. '
 
'ඉකුත් වර්ෂයේ අය වැය කථාව බොරුවක් බව පැහැදිලියි. මෙවර අය වැය ඉලක්ක ළගා කර ගත හැකි නමුත් එය ඉටු නොවන්නේ නම් එය ද කථා රැසකින් සමන්විත ලියවිල්ලක් බවට පත් වනු ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.'
 
නුවර නදීක දයා බණ්ඩාර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment