ක්‍රිබ් (CRIB) එකේ නම ඇති අයට මංගල ණය දෙන්න කියලා.


ණය තොරතුරු කාර්යාංශයට (CRIB) වාර්තා වී ඇති අපනයන හැකියාවන් සහිත දේශීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටත් රැකවරණ අරමුදලේ සහාය ලබාදී, බැංකු මඟින් මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කොට ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා කියයි.

දැනට ණය මුදල් ලබාගෙන ණය ගෙවීමට නොහැකිව සිටින කර්මාන්තකරුවන් සඳහාද මේ යටතේ ණය මුදල් ලබාදීමට නියමිත ය.

ඉදිකටුවේ සිට ගුවන්යානය දක්වා පිටරටින් ගෙන්වීමේ කලාව වෙනුවට දේශීය නිෂ්පාදකයන්ගේ නිපැයුම් පිටරට යැවීම දිරිගැන්වීම සඳහා රජය ආරම්භ කළ දැවැන්ත වැඩපිළිවෙළ ය‍ටතේ මේ සහනය හිමි වන බවද ඇමැතිවරයා කීය.

අපනයන හැකියාවෙන් යුතු දේශීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මින් විශාල සහනයක් හිමි වනු ඇත.

ඊට අමතරව අපේ රටේ නිෂ්පාදකයකු පිටරටක පවත්වාගෙන යන වෙළෙඳ ව්‍යාපාරයක සාප්පු හා රාක්ක ඉඩකඩ වෙනුවෙන් ගෙවිය යුතු කුලී මුදල් සඳහා මාස 36ක් දක්වා කුලී මුදල් සහනයක් ලබාදීමට අය-වැයෙන් පියවර ගත් බවද මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය. රජය වසර 2018ට පමණක් රුපියල් මිලියන 800ක මුදලක් මේ සඳහා වෙන් කොට ඇත.

මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 13.5ක් වන අපනයන ආදායම වසර කිහිපයක් තුළ ඩොලර් බිලියන 20 දක්වා වැඩි කිරීමේ ඉලක්කය ජය ගන්නට මේ වැඩපිළිවෙළ මඟින් අපේක්ෂා කරන බවද ඇමැතිවරයා කීය.

- සිළුමිණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment