විදෙස් දුම්වැටි ආනයනයට අදාළව මෙරට පවතී නීති හේතුවෙන් මෙතෙක් කලක් මෙරට සේවයේ නියුතු චීන ජාතිකයන්ගේ දුම්වැටි අවශ්‍යතාව සපුරා ඇත්තේ තීනි විරෝධී සහ නෛතික තත්ත්වයන් යටතේ ගෙන එන ලද දුම්වැටි හරහාය.
පසුගිය සමය තුළ චීන ජාතිකයන් ප‍්‍රමාණය ඉක්මවා දුම්වැටි ගෙනවිත් ශ‍්‍රී ලංකා රේගුව සහ මෙරට ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්ව ඇත්තේද ඒ අනුවය. චීන රජය විසින් සිය ජාතිකයන් වෙනුවෙන් දුම්වැටි ආනයනය කරන්නට පවතින නීති සංශෝධනය කරදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් සිදුකර ඇත්තේ ද ඊට විසඳුමක් ලෙසය.
එසේම කොළඹ වරාය සහ ගුවන්තොටුපළ තුළ කාලයක සිට නීති විරෝධී ආකාරයෙන් දුම්වැටි ආනයනය කර වෙළෙඳපොළ දුම්වැටි මිලට වඩා අඩු මිලකට නිකුත් කිරීමේ ජාවාරමක් ද පවතී. වරින් වර සිදුකරන වැටලීම් හරහා එවැනි දුම්වැටි තොග අත්අඩංගුවට ගැනීම සිදුවුව ද අදාළ ජාවාරම විවිධ උපාය උපක‍්‍රම හරහා අඛණ්ඩව සිදුවේ.
විදෙස් දුම්වැටි ආනයනය කිරීම සඳහා මෙරට ඒජන්තයන් පත්වීමට අවස්ථාව සලසමින් විදෙස් ආනයන දුම්වැටිවලට අදාළ නීති ලිහිල් කිරීමට 2018 අයවැය හරහා යෝජනා කිරීමට රජය තීරණය කර ඇත්තේ ඒ අනුවය.
මේ ආකාරයට විධිමත් ක‍්‍රමවේදයක් තුළ විදෙස් දුම්වැටි ආනයනය කිරීමට ඉඩදීම හරහා රජයට අමතර බදු ආදායමක් ලැබෙන අතර නීති විරෝධී ආකාරයෙන් දුම්වැටි ආනයනය කරන ජාවාරම ද සීමා කිරීම රජයේ අපේක්ෂාව වී ඇත.
කාශ්‍යප කොතලාවල
0 comments :
Post a Comment