FCID අධ්‍යක්ෂක අත්අඩංගුවට.


පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.ඩී.කේ. ප්‍රියන්ත මහතා වහාම අත්අඩංගුවට ගන්නැයි පොලිස්පතිවරයා නියෝගයක් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින් රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ ගාමිණී සෙනරත් අත්අඩංගුවට ගැනීම පමා කලැයි චෝදනා කරමින් මෙම අත්අඩංගුවට ගැනීමට නියමිතය.

විෂය භාර අමාත්‍ය සාගල රත්නායක මහතාගේ නියෝගයක් මත එම ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතය.

ගාමිණී සෙනරත් මහතාව වහාම අත්අඩංගුවට ගැනීමට උපදෙස් දී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තු විසිනි. ඒ අනුව ඔහුට කට උත්තරයක් ලබා දීමට FCIDට පැමිණෙන ලෙස දැනුම් දී ඇති FCID අධ්‍යක්ෂවරයා එහිදී ඔහුව අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර තිබී ඇත.

එහෙත් ගාමිණි සෙනරත් මහතා FCID නොපැමිණ සැගවී සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මානව හිමිකම් පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.

කෙසේ වුවද ඔහු අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු රිමාන්ඩ් බාරයේ පසුවේ.

ගාමිණී සෙනරත් අත්ඩඅඩංගුවට ගැනීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් පොලිස් විෂය භාර අමාත්‍ය සාගල රත්නායක මහතාටත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාවත් මාධ්‍ය විවේනයට ලක් වූ අතර, ඔහු සාගල රත්නායක හා වජිර අබේවර්ධන මහතාගේ නිවසේ සැගවී සිටින බවද මාධ්‍ය වාර්තා කර තිබුණි.

එසේ වුවද සාගල රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම ප්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍ය බවයි.

(SLM)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment