UNPයේ අනාගතය අවධානම්! - ජාත්‍යන්තර සමාගමක් උපදෙස් දෙයි


එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන දේශපාලන ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ග්ලෝබල් ඉන්වෙස්ට්මන්ට් නම් ආයතනය මගින් වාර්තාවක් සකස් කර තිබේ.

ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ යුත්තේ කෙසේද, වැඩි අවධානය යොමු කළ යුතු ක්ෂේත‍්‍ර මොනවාද, රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද වැනි ක්ෂේත‍්‍ර ගණනාවක් යටතේ මේ ආයතනය කරුණු ඉදිරිපත් කර තිබේ. එජාප නායකත්වයේ තීරණයකට අනුව මේ ආයතනය මගින් අදාළ පර්යේෂණය සිදු කර ඇති අතර, ඔවුන් ඒ පර්යේෂණය මත පදනම්ව උපදෙස් ලබා දී තිබේ.

ලෝකයේ රටවල් 14 ක කාර්යාල පවත්වාගෙන යන මේ ආයතනය, මෙවැනි පර්යේෂණ කටයුතු ස`දහා නමක් දිනා ඇති ආයතනයකි. මේ ආයතනය මගින් එක්සත් ජාතික පක්ෂයට විශේෂයෙන් උපදෙස් දී ඇත්තේ ප‍්‍රතිඵල ඇති තැන් වල පමණක් ආයෝජනය කරන ලෙස ය. 

එනම් දේශපාලන වශයෙන් ඔවුන්ට වාසි ඇත්තේ වඩා සාර්ථක ආයෝජන හරහා පමණක් බවත්, එය ආර්ථික, සමාජයීය, සංස්කෘතික යනාදී වශයෙන් වෙන් කළ හැකි බවත් අදාළ ආයතනය මගින් පෙන්වා දී තිබේ.

එසේ නොවුණහොත් එක්සත් ජාතික පක්ෂයේ අනාගතය අවදානමට ලක්වීමේ වැඩි ඉඩක් පවතින බවත් පෙන්වා දී ඇති මේ ආයතනය, වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ පුද්ගල චරිත වලට වඩා සාර්ථක ආයෝජන හරහා ජනතා විශ්වාසය වැඩි කර ගත හැකි බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment