ගාල්ලේ හිමි නම මුහුදේ ගසා ගෙන ගිය තරුණ කාන්තාවන් 04 ක් බේරාගෙන


ගාල්ල කොග්ගල මුහුදු තිරයේ ගිලෙන්නට ගිය තරුණ කාන්තාවන් 04 දෙනෙකුගේ ජීවිත බේරාගන්නට හිමි නමකට හැකියාව ලැබී ඇත.
ගාල්ල ඉමදුව පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරවාසී කොක්මාදුවේ අනුරුද්ධ හිමියන් මෙම වීර ක්‍රියාව සිදු කර තිබේ.

ගාල්ල කොග්ගල මුහුදු තිරයේ

උපන්දින සාදයකට පැමිණි කාන්තාවන් 04 දෙනෙක් හා තවත් පිරිසක් දිය නාමින් සිටියදී එක්වරම මුහුද රළු වී මුහුදු ජලය එක්වරම වැඩිවීම නිසාදිය නාමින් සිටි කාන්තාවන් 04 දෙනා දියේ ගසාගෙන ගොස් තිබෙයි.
එක් කාන්තාවකගේ මවක තම දියණියන් දියේ ගිලෙන බව පවසමින් කෑ ගසන්නට වු නමුත් දඑය කිසිවෙකුට ඇසී නැත.
මේ අතරවාරයේ මුහුදු වෙරළ බලන්න පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමිගේ ඥාතීන් පිරිසක් සමග තරුණ භික්ෂු නමක
උදව් ඉල්ලා කෑ ගසන අම්මා පිළිබඳව අවධානය යොමු කර වහාම ක්‍රියාත්මක වී දියේ ගිලෙමින් සිටි කාන්තාවන් තිදෙනා බේරාගෙන ඇත.
 දිය නාමින් සිටි විදෙස් ජාතිකයෙක්ද එක් කාන්තාවක් බේරා ගන්නට හිමියන්ට සහයෝගය දී ඇත.
දිවි බේරා ගත් කාන්තාවන් මේවන විට ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළු කර ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment