කෙහෙලිය එජාපයට එන බවට හැරිසන්ගෙන් කැට : 10ක පිල් මාරුවක් ගැන ඉඟි.


ජනවාරි මාසයේදී එක්සත් ජාතික පක්ෂයට අලුතින් මන්ත්‍රීවරුන් 10කට වැඩි පිරිසක් සම්බන්ධ වන බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී ඒ මහතා පවසා සිටියේ කෙහෙලිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා ද ඒ අතර වන බවයි.

මේ අතර තමන් එජාපයට යන බවට පැතිර යන කට කතා අසත්‍ය බව ඊයේ (24) කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.


පිල් මාරුවක් ගැන තවත් ඉඟියක්

ජාතික නිදහස් පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරු තුන් දෙනෙකු සහ වෙනත් දේශපාලන පක්ෂවල ප්‍රධාන පෙලේ නියෝජිතයින් 51 දෙනෙකු ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.


ඔහු මේ බව කියා සිටියේ මාතර ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment